Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අසුන්දර හැම දේම එක මිටට ගුලි කොට
ඇයි පැවරුවේ හිත් පිත් නැති පන්හිඳට
එපා අපා දුක තව කුරුවල් හිතට
අසු පැන ගිහින් ඉස්තාලෙට දොර කුමට

ගං තුලාවෙන් එපිට රත් යවට කතරක
ලේ දහදිය කලේ දුක නොතියන්ට අහලක
දෙවියන් පිටත ගිය මොහොතක දි දෙවොලක
දුන් පුද පඬුරු හොරු ගෙන ගිහින් ඉවතක

මල් වට්ටියකි පෝදා අහසෙ පුරහඳ
බිම වැටිලා පරමල් ගොඩට වැටුනද
වෙරළ ඉම රළක ලස්සනට පෙම් බැඳ
දිය ඇද දුන්න බඳුනට පයින් ගැහුවද

යන විට නුඹේ දෑතට දුන් කිරි කැටියා
මා නොහඳුනයි මිදුලේ කෙළිමින් සිටියා
ගෙයි කැණිමඩළ මත ලැග බියකරු කොටියා
දඩයම් දත් විළිස්සා ගොරවන සැටියා

අහල පහල හුළඟින් වදින හීයට
නුහුරුයි දෙසවනට දුක දරාගන්නට
‘පේ‍්‍රමය නම් රාගයෙන් තොරයි’ කීවට
උපහැරණයකි ඒ කවියෙකුගෙ කවියට

දුක බිඳලා මං බුදු වී ආ සරියේ
නුහුරු හිතක අපුලක් හරහට හිටියේ
හිනා උනත් ඇයි ඇස් දෙක මගහැරියේ
අමල් බිසෝ නුඹ කාටද දොර ඇරියේ

[සිතුවම :Nena Stojanovic]

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails