Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මේ කුළකි ඔබ අරුණෝදයේ මගේ අහසට
හැඩයෙන්ද පැහැයෙන්ද මා මන බඳින
ඔබ මගෙයි, ඔබ මගෙයි මියුරු දෙතොලේ හිමිකාරිය
ඔබේ ජීවිතය තුල දිවි ගෙවයි අනන්ත වූ මගෙ සිහින

මියැදෙයි පහන ඔබ පාමුල, මා ඇතුළු ගැබ දැල්වෙන
පැඟිරි රස වයින් වුව ප්‍රණීතය ඔබෙ ලවන් මත
අහෝ, මගෙ සැඳෑ ගීතයේ අස්වැන්න නෙලන්නිය
හුදෙකලා මගෙ හීන, ඔබ මගේ වන්නටම යැයි කොයිතරම් අදහයිද

ඔබ මගෙයි, ඔබ මගෙයි කෑ ගසා කියමි මම දහවලට
හමන සුළඟට, මොර දෙන- හැපෙන මගේ වැන්දඹූ හඬට
මගෙ දෙනෙත් ගැඹරෙ හිඳ ලුහුබඳින්නිය,
රැය සරණ ඔබෙ බැල්ම, ඔබේ සොරකම
නොනගයි හඬ, එය නිසල නිල් දිය බඳු ය.

පෙම්බරිය, ඔබ පැමිණ මගෙ මියැසි ජාලයට
සුවිසල්ය එය නිල් අහස තරමටම
ඔබෙ හඬන දෑස් ඉම මා ලැබිමී යළි උපත
එයම ඇරඹුම ද විණි නොතිත් වූ සිහින රැඳි දේශයක

[“In my sky at Twilight”- Cien Sonetos de Amor]

පබ්ලෝ නෙරූදා
පරිවර්තනය - චතුෂ්කා නිමේදි රණවීර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails