Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"මහත්වරුනි," තාත්තා කතාව පටන් ගත්තේ ගෙදරදි මට 'ස්කවුට්' කියනව වගේ. තාත්තා ජූරියට කතා කළේ තැපැල් කන්තෝරුවේ කවුන්ටරේ ළඟ ඉන්න මිනිස්සුන්ට කතා කරනවා වගේ.

"කියන්න තියෙන දේ මම කෙටියෙන් කියන්නම්. මේ නඩුව ඇත්ත දැනගන්න අමාරු නඩුවක් නෙමෙයි. විත්තිකරුට තියෙන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යයි. සුදු, කළු වෙන් කරලා තෝරා ගන්න පුළුවන් වගේ මේ නඩුව බොහොම සරල එකක්..."

"ටොම් රොබින්සන් ගේ අපරාධය පිළිබඳව වෛද්‍ය සහතිකයක් නැහැ. නඩුව රඳා පවතින්නේ සාක්කි කාරයෝ දෙන්නා මතයි. ඒ සාක්කි විත්තිකරු ප්‍රතික්ෂේප කරනවා. වරදකරු මේ උසාවියේ සිටින කෙනෙක්. ඒත් මේ විත්තිකරු නෙමෙයි. ප්‍රධාන සාක්කිකාරියට මම අනුකම්පා කරනවා. ඒත් මනුස්ස ජීවිතයක් ඔට්ටුවට තියන්න තරම් ඒ කරුණාව දීර්ඝ වෙන්නේ නෑ. එහෙම වෙන්නේ සාක්කිකාරිය තමාගේ වරද වසන් කරන්නට උත්සහ ගත් නිසා..."

"මහත්වරුනි, ඇය අපරාධයක් කළේ නෑ. ඇය කලේ අපේ සමාජයේ සම්ප්‍රදායික රටාවන් බිඳ දැමීම පමණයි. දුගී බවට සහ අනුවණ කමට ගොදුරු වූ ඇයට මා අනුකම්පා කරන්නේ නෑ. ඇය සුදු තරුණියක්. ඇයගේ වරද කුමක්ද කියා ඇය දන්නවා.සම්ප්‍රදායන්ට වඩා ඇයගේ ආශාවන් බලවත් වුණා. චාරිත්‍ර බිඳ දැමීමට තරම් ඇය මුරණ්ඩු වුණා. ළමයෙක් වගේ ඇය තමගේ වරද වහගන්නට උත්සහ කළත් ඇය ළමයෙක් නෙමෙයි. ඇයට වුවමණා කළේ තම වැරැද්ද සඟවා ගැනීම සඳහා ඔහුව තමා හමුවෙන්, මේ ලෝකයෙන් ඉවත්කර දමන්නටයි. ඇයගේ වරදේ සාක්ෂිය ටොම් රොබින්සන්. දිනපතා ඒ වරද ඇයට ඔහු සිහිපත් කරනවා. ඇය කළ වරද කුමක්ද? කළු මිනිහෙක් පෙළඹවීමට උත්සහ කිරීමයි."

"ඇය සුදු කාන්තාවක්. ඒත් කළු මිනිහෙක් පොළඹවා ගැනීමට උත්සහ කළා. අපගේ සමාජයේ සම්ප්‍රදාය අනුව එය නොකළ යුතු දෙයක්. ඇය සිප ගත්තේ මහළු මාමා කෙනෙක් නෙමෙයි. තරුණ නීග්‍රෝ ජාතිකයෙක්ව. ඒ වරද කරන්නට පළමුව කිසිවක් නොසිතුවත් පසුව අකුණක් පාත් වුණා වගේ ඇයට තමන්ගේ වරද පෙනෙන්නට පටන් ගත්තා."

"ඇගේ පියා ඇය දුටුවා. ඔහු කුමක්ද කළේ..? සාක්ෂි වලට අනුව යම් කිසිවෙක් මෙයෙලාට තදබල ලෙස පහර දී තිබෙනවා. ඒ වමත් කරුවෙක්. ඒ පහර දීම කලේ එවෙල්ස් මහතා විය හැකියි. වැදගත් සුදු මිනිහෙක් සහ පියෙක් හැටියට ඔහු කළ යුතු දේ කළා. එවෙල්ස් මහතා දිවුරුම් දුන්නේ වමතින්. මේ විත්ති කාරයට වමත පාවිච්චි කරන්න බැහැ. ඔහු දිවුරුම් දුන්නේ තමන්ට පාවිච්චි කළ හැකි එකම අතින්. ඒ දකුණු අතයි.

මේකොම්බ් හි නීති නිළධරියාගේ සාක්ෂි හැරෙන්නට අනෙක් අයගේ සාක්ෂි වලින් කියවුනේ එකම දෙයක්. ඔක්කොම කළු මිනිස්සු බොරු කියනවා. උන් මිනිස්සු නෙමෙයි. ගෑනියෙක් ඉන්න තැනකදි උන්ව විශ්වාස කරන්න බැහැ. ඒත් මම ඔබට යමක් කියන්නම්. සමහර මිනිස්සු එහෙම තමයි. හමේ පාට සුදු වුණත්, කළු වුණත් මනුස්සයින්ගේ තත්වය ඕක තමයි. ඒ තිරිසන් ගති එක ජාතියකට සීමා කරන්න බැහැ. බොරුවක් නොකියපු, අවිනීත වැඩක් නොකරපු, ගෑනියෙක් දිහා ආශාවෙන් නොබලපු මිනිහෙක් දැන් මෙතන ඉන්නවද?"

තාත්තා ලේන්සුව අරගෙන ඉස්සෙල්ලා කණ්ණාඩි දෙක පිහ දැම්මා. ඊට පස්සේ මූණ පිහ දැම්මා. තාත්තට දාඩිය දාන්නේ නැහැ. ඒත් එදා තාත්තගේ ඇඟ දාඩියෙන් තෙත් වෙලා.

"මම කතාව අවසන් කරන්න කලින් තව එක දෙයක් කියන්නම්. තෝමස් ජෙෆර්සන් එක වරක් කිවුවා සියලු මිනිසුන් සමානයි කියලා. ඒත් ඒක එහෙම නෙවෙයි. සමහර මිනිස්සුන්ට අවස්ථාව ලැබෙන්නෙ උත්පත්තිය සමඟින්. ඇතැම් අය වැඩියෙන් මුදල් හොයනවා. ඇතැම් අය නිර්මාණශීලියි. නමුත් ජනාධිපතිත්, රස්තියාදුකාරයෙකුත් එක හා සමානව සලකන එක ආයතනයක් තියෙනවා. ඒ උසාවිය පමණයි. සුළු සුළු වැරදි තිබුණත් අපේ උසාවි වල මිනිස්සුන්ට සලකන්නේ සමානාත්මනාවයෙන්. උසාවිය මිනිස්සුන්ට වඩා උසස් නෑ. උසාවියේ හඬ ජූරියේ හඬයි. එතන ඉන්නේ මිනිස්සු. මේ මහත්වරු ඇසූ සාක්ෂි අනුව නිවැරදි තීරණයකට එළඹෙන බව මම විශ්වාස කරනවා. දෙවියන්ගේ නාමයෙන් ඔබගේ රාජකාරිය හරියට කරන්න..."

තාත්තාගේ කටහඬ අඩුවුණා. තාත්තා පස්සෙ කීවේ මොකක්දැයි කියලා මට තේරුනේ නෑ.

(-To Kill a Mocking Bird- 1960)

බට්ටිච්චෙකු වන් අහිංසක කලු මිනිසකුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිමින් සමාජ අපවාදයට ද වෛරයටද පාත්‍ර වන නීතිවේදි පියකුගේ නව හැවිරිදි දියණිය වන ස්කවුට් ගේ දැකීම් තුළින් ගොඩ නැංවෙන මේ අපූරු නවකතාව පුලිට්සර් සම්මානයෙන් ද පිදුම් ලැබීය. To Kill a Mocking Bird, 1962 දී එනමින්ම සිනමාවට නැගිණි. චිත්‍රා අයි. පෙරේරා ගේ සිංහල පරිවර්තනය විදර්ශන ප්‍රකාශනයකි.

හාපර් ලී
පරිවර්තනය - චිත්‍රා අයි. පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails