Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔන්න එක වතාවක් අයිස්ලන්තෙ ඉඳලා දේශපාලන නියෝජිතයෝ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ආවා. අදාළ සමුළුවලට එහෙම සහභාගී වෙලා, හැන්දැකොරේ, උන්නැහේලා ටික තීරණය කළා කොළොම්පුරේ සිරි නරඹන්ට. ඔන්න දැන් කට්ටිය කොටුවෙ ස්ටේෂම ළඟ ගාඩර් එක උඩට වෙලා වට පිට ආස්චර්යය බල බලා ඉන්නවා.

ඔන්න පහට කොටුවෙ ඔෆිස් ඉවර වෙලා මී වදේට ගල් ගහන්නැහේ සෙනඟ පොදි කකා ස්ටේෂම දිහාවට එන්ට පටන් ගත්තා. සමහරු හරක් පටවන්නැහේ සෙනග පටෝගත්තු බස් වල එල්ලෙනවා. සමහරු වවුල්ලු වාගේ කෝච්චි වල එල්ලෙනවා. එක යුද්දයයි! නියෝජිත මහත්වරු ළඟ හිටිය (එයාලව බලා ගන්ට පත් කොරාපු) ඇමතිතුමාගෙන් ඇහුවා "හැබෑටම, කවුද ඒ මිනිස්සු?" කියලා.

"අහා... එයාලද? එයාලා තමයි ලංකාවෙ පොදු ජනතාව! මේ රටේ ඇත්තම ඇත්ත පාලකයො!" ඇමටිටුමා බොහොම ආඩම්බරයෙන් (පොඩ්ඩක් කකුලෙ ඇඟිලිවලින් බම්ප් වෙලා එහෙම) උත්තර දුන්නා.

සෙනග ඩිංගක් එහෙ මෙහෙ වුනාට පස්සෙ ටික වෙලාවක් ගියා කියමුකො. ඕං ඒ පාර එනවා මුළු කොටුවම දෙවනත් කොරගෙන රථ පෙරහැරක්. ඉස්සරහින්ම යක්ෂාවෙශෙන් පියාඹන මෝටර් සයිකල් රංචුවක්. ඊගාවට ජීප් එකක් පුරෝලා හාළරාමිලා. ඉස්සරහින් වටෙන් යන වාහන සේරම කෑ ගගහා අයින් කරවනවා. ඔන්න ඊගාවට වීදුරු කට්ට කළු කොරාපු බවන වගේ දිවිය රථයක් පිම්මෙ ඇදෙනවා. ඊටත් පස්සෙන් පහු තව ජීප්.. බයිසිකල්.... එකම වී.අයි.පී. ජංජාලයක්....

ෆුල් අන්දොස් වුන නියෝජිතයො සෙට් එක ඇමටිගෙන් ඇහුවා- "එතකොට ඒ කවුද?" කියලා.

ඇමති වට පිට කවුරුත් ඉන්නවද කියලා බලලා අර ප්‍රශ්ණෙ ඇහුව නියෝජිතයාගෙ කනට ළං වෙලා හෙමීට මෙහෙම කිවුවා.
"හිහිහි… ඒ අපි!" (ඊට පස්සෙ තව ටිකක් ළං වෙලා.. තවත් හෙමිහිට ...) "ජනතාවගේ සේ ව ක යො. . . !"

නියෝජිතයො සෙට් එක ගාඩර් එකෙන් පැනලා කටුනායක හයිවේ එක දිගේ අයිස්ලන්තෙට දිවුවා...

ඔමරියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails