Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිවා සඳ බර සුසුමින්
මුදාහල කෙහෙරැල්ලෙන්
නිදා උන් සිත පිරිමදියි
මැදියමේ නුඹ ඇවිදින්

උනා සළු ඉවසිල්ලෙන්
පරාජිත සිතිවිල්ලෙන්
උරාබොමි විෂ සතොසින්
හලාහල තොල් සඟළින්

නෙතින් මත්වූ සරාගී
රුපුන් සරි සිත්තරාවී
ලෙයින් සිතුවම් කරයි ඈ
මියෙන කවියෙකු විරාගී

සිහින් ස්වරයෙන් සිනාසී
ගයයි අවසන් නුරාගී
සිය දහස් වර සමාවී
සමුගනිමි පෙම්බරාවී

ඉරා කවි හැම ලියවුණ
තබා එක මත එකිනෙක
සදා රැහැනක කෙළවර
යොදා පුඩුවක් සැරසෙමි

සොඳුරු රමණෙක කෙළවර
නෙතු පියන් වසනා සඳ
සිලිටි ගෙල නුඹ සිරකර
සුරතාන්තය ලබනෙමි…

තේජාන් ලියනාරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails