Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔන්න දයා ඔය නාමල නෙලා වරෙන්
අත්ත බිඳිලා නුඹ දන්නවා හෙමින් වරෙන්
කැළණි ගඟේ ඔරු යන්නෑ බලන් වරෙන්
දියවන්නාවේ යන ඔරුවක නැගී වරෙන්

රෝසි නෝනා මඟ එනවලු බලා වරෙන්
අනිත් එවුන් මඟ තියලා හෙමින් වරෙන්
දෙන දේ කාලා වෙන දේවල් නොසිත වරෙන්
දියවන්නාවේ යන ඔරුවක නැගී වරෙන්

ගැමුණු පුතා ගුටි කනවලු අසා වරෙන්
ගුටි කනවද කටු කනවද බලා වරෙන්
මාලිගාවේ ගෙවලයා වී ඉන්න වරෙන්
දියවන්නාවේ යන ඔරුවක නැගී වරෙන්

ඇසිඩ් වතුර බොන්නේ නෑලු බලා වරෙන්
වතුර එපා යුධ ටැංකිය යවා වරෙන්
උතුරේ ගහපු ගේම් මතක් කරලා වරෙන්
සාදුකාර දී ඔරුවක නැගී වරෙන්

ගෙටොවේ එකෙක්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails