Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(පුනරුත්ථාපනය කරන ලද එල්ටීටීඊ තරුණයන් තිදෙනෙකු ඉලක්කයට වෙඩිතැබීමේ ජාතික සංචිතයට තෝරා ගැනේ.)

සාදු හදවතින් පුදදෙන හිනාවා
යාළු තොපට නැතුවද කල්පනාවා
සාලවනය මැද බුදු වන්දනාවා
පාළු අතට හෙට දවසක් ගෙනාවා

කෙබර කෙළින කෙළි සෙල්ලම් මැති සඳුනී
දබර කරන සිහිනය අතහැර දැමුනී
කබර හමක සැනසිල්ලට වෙඩි වැදුනී
රබර උණ්ඩ වැලකට පද පෙළ ගැසුනී

ලෙල්ලමක්ද මොන නොදිළෙන පිහි මන්නා
ඉල්ලමක් දකී මිණි කැට නොදකින්නා
පල්ලමක් නැතිව කඳු පැදගෙන යන්නා
සෙල්ලමක් නැතත් ඇස් දෙක රතුවෙන්නා

මුලතිව් මහ වනේ ගැන අපමණ නින්දා
පුනුරුච්චාරනේ අපවම ලුහුබැන්ඳා
පඬුපුල්ලාසනේ උනුවෙන්නැති හින්දා
පුනුරුත්තාපනේ පපුවට ගිනි බින්දා

විලක්කුවක් හිත ගින්දර ඇවිලිල්ලේ
තුවක්කුවත් අද ඉකිබිඳ වැළපිල්ලේ
පරක්කුවත් අපෙමයි නො පෙනෙන එල්ලේ
ඉලක්කය ගනිව් කොල්ලනි සැනසිල්ලේ

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails