Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මගේ යටත් වැසියෝ සියලු දෙනාම
මුලු දවස පුරා සිනාසිය යුත්තෝය
මේ රජ අණ කඩ කරන
කඳුළක් හෙළන
ඕනෑම අයෙකු රාජ ද්‍රෝහියෙකු ලෙස සලකා
බරපතල දඬුවම් පමුනු වනු ලැබේ..
ඒකාධිපති ජිංජිස්කෑන් මහ රජු‍ගේ
අලුත්ම නියෝගයයි ඒ.....

ඔහුට වුවමනා වුණේ
තම රටවැසියන් සියළු අගහිඟයෙන් දැවෙතත්
කිසිඳු අගහිඟයකින් තොරව
යස ඉසුරින පිරී දිවි ගෙවන බවට
අවට ලෝකයට හැඟවිමටය.

ඔහුට වුවමනා වුණේ
තමා මහා කුරිරු පාලකයෙකු වෙතත්,
අමන මෝඩයෙකු වෙතත්,
ඒ බව වැසෙන සේ අමුතු අමුතු සෝබන පා
ජන සිත් රවටා
තමා මහා රසිකයෙකු බවත්, මහා ප්‍රාඥයෙකු බවත්
මේ රට වැසියන්ට හැඟවිමටය.

ඔහු ඉදිරියේ සිටින බත් බැල සන්නිවේදකවරු
මෙහිදී..
මහා රජුගේ මහා ගුණය මහා නුවණ
මහා ඉහළින්ම වනන්නට වූහ.

කපටි නිළමේවරුන්, ආවතේවකරුවන්
ඒ වෙනුවෙන් උත්සව සංදර්ශන
සංවිධානය කරන්නට වූහ.
බඩගැති පූජකවරුන් ඊට ආශිර්වාද කරමින්
ප්‍රකාශ නිකුත් කරන්නට වූහ.

වෙනත් කළ හැක්කක් නැතිව
අසරණ රට වැස්සෝ..
රජ අණ පිළිපදිමින් සිනාසුනහ.
ඇතුළත වෛරය සඟවාගෙන
පිටතට නොපෙනෙන්නට සිනාසුනහ.
උදේ සිටන් රෑ වන තුරු ‍කොතෙකුත් සිනාසුනහ.

එහෙත් ඒ සෑම දිනකම අඳුර වැටී එද්දී
රෑ බෝවූ පසු හොර රහසේම
ස්ටෙප්ස් තැනිතලාවට එකතුවී
කෝපය සංසිදෙන තුරු පිළිකුල හමා යන තුරු
සිත් සැහැල්ලු වන තුරු
දෙස් දෙවොල් තියමින් හත් හැවනි හවමින්
කදුළු වැසි වස්සමින්
ඇති තරම් හැඬූහ........

(-රජවැඩ කැසට් පටයෙන්)

සංගීතය- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගැයුම- ග්‍රැන්විල් රොඩ්රිගෝ

(ගීතය අසන්න මෙතනින් යන්න.)

(උපුටා ගත්තේ- දයානන්ද රත්නායක ගේ "අස්වැන්න" බ්ලොග් අඩවියෙනි.)

ඩේවිඩ් කූගල්තිනොව්
පරිවර්තනය - සහරිසි කුලතන්තිල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails