Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඉදින් වැසි නොවේ වැටුණේ විල් තෙරට
නැවුම් දිය සොයන දුක් පත් මින් රැළට
විසල් උණ්ඩ වරුසාවක් අග නිවුන
තුරුණු හදවතක් විය කහ ඉරක් මත

පිපාසයෙන් ලේ ඉව කරමින් ඇදෙන
රුදුරු වන සතුන් පිරි වන තීරයක
අලුත් වැසි පතා නෑඹුල් ඇස් අරින
පුතුනි නුඹ වගේ කුසුමන් කුමකටද

කඳුළ කඳුළ එක් වී උල්පතක් මුල
අපුල රස සැදී යැයි ඔබ සිතනවද
බුබුළු ලන පැසෙන පිපාසයක විතර
දෙදණ නවා උල්පතකින් අසනු මැන

[සේයාරූ උපුටනය- අද සහ ලංකාදීප පුවත්පත් වලින්]

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails