Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සියක් නෑයන් එකට එක්වූ තැන සියනෑ කෝරළය ලෙස කෝට්ටේ ජයවර්ධන නුවරට වාර්තා වන්නේ ක්‍රි:ව.1412 දීය. ඒ ගැන ලේකම් හෙවත් ''මහලේනා'' විසින් තැබූ වාර්තාව තවත් තීව්ර වන්නේ දෙවනපෑතිස් සමයට බැඳෙන සියනෑ ඉතිහාසය නිසාය. ඒ අනුව කෝට්ටේ රාජ යුගයට පවුර බැඳෙන විටම නව යුගයේ හැමෝම විමති නිමිති සොයන්නේ සියක් නෑයන් බැඳී හිඳින සියනෑ කෝරළයේ මධ්‍යය කොතැනද කියාය. නව නුවරට පිවිසෙන විටම සොයා බලන කළ එය මැද්දේ පත්තුවේ වාරණ රාජ මහ වෙහෙරට බැඳී ඇති බව සැල වේ. එවිට ඒ මැද පත්තුවේ, මැද කොතනදැයි නිමිති සොයන්නට වන්නේය. ඒ අනුව මැද්දේ පත්තුවේ මැද මහර බවත් මහර මැදින් එය සටහන් කර අනුරපුර සමයේ ශෛල රහස් කැටයමක බහා තබා ඇති බවත් සැලවේ. ඒ අනුව වීදාගම මහ තෙරිඳු කෑරගල වැඩ විසූ ඒ කල්හි සිරිලක මහ සංඝ නේත්‍රෘ කෑරගල පද්මාවති සරසවි අධීශ්වර කෑරගල වනරතන මහ තෙරිඳු හමුව ඒ නිමිති විමති සොයා බලා රජුට වාර්තා තැබුවේ නව නුවරක් තැනෙන කළ සියනෑව ඒ තරම්ම වැදගත් නිසාය. පසුව මහර කන්දේ තැබූ අනුරපුර යුගයේ නිමිති කැටයම හමු විය. ඒ තැන එතැන් පටන් ''බැලුම් මහර'' වන්නේය.

ඒ බැලුම් මහර හන්දිය බැඳෙන්නේ, එයින් කෝට්ටේ රජ නුවරට සෘජුව බැඳෙන මාවත බැඳුණු කළය. කලක් වැසී තිබූ ඒ මාවත නූතන ජයවර්ධනපුර යුගය තැනූ ජයවර්ධන ජනපති තම රජයේ තරුණ ඇමතිව සිටි රනිල් වික්‍රමසිංහයන් සමග එක්ව බැලුම් මහරින් බියගමට විත් බියගමින් කඩුවෙලට පාලමක් තනවා ඒ ෙඓතිහාසික මාවත යළි කෝට්ටේ අගනුවරට යා කරන්නේ ක්‍රි.ව. 1982 දීය. එතැන් පටන් ''බැලුම්මහර හන්දිය'' යළිත් අතීතයෙන් අනාගතයට එක් වන්නේය.

සියනෑ බිමේ බැලුම් ගලක් නම් වන්නේ දෙවනපෑතිස්ස රජ සමයේ කුමන හේතුවක් නිසාද? එම බැලුම්ගල එතැන් පටන් සියළු රාජ යුගවල සැම විටම ලියවී තිබූ කඩඉම් ලකුණකි. මායා රට තුලින් සටහන්ව ඇති වැදගත්ම ලකුණ වී ඇත්තේ බැලුම් මහරය. මේ කඩඉම් විමසුම සිංහලේ කඩඉම් කෘති සියල්ල කිවූ කළ වඩාත් හොඳින් වටහා ගත හැකිය. වෙසෙසින්ම ''ත්‍රී සිංහලේ කඩඉම'' කෘතිය රචනා කරන ගිරිවතලහිමියන් විසින් දිගු විස්තරයක් ''බැලුම්මහරට'' දී ඇත්තේය. ඒ අනුව අනුර නුවරින් මෙපිටට ගලා ආ සෑම යුගයකදීම ''බැලුම්මහර'' බල කෙන්ද්‍රයේ හැරවුම් ලක්ෂය වී ඇත්තේ පුදුමාකාර ලෙසය. එය නූතන ලංකාවේ හැරවුම වූ ජේ.ආර්. ජයවර්ධනයන්ට ද වැටහී, ඔහු තෙමේ කෝට්ටේට යළිත් නව යුගය රැගෙන යද්දීම බැලුම්මහරට කෝට්ටේ යා කරන්නේ මේ අවබෝධය නිසාය.

ඔහුට ඒ අවබෝධය තම මී මුත්තනුවන් වූ නිශ්ශංක අලකේශ්වරයන්ගෙන් ලැබෙන්නට ඇතැයි මට සිතේ. අතීත ලක් රාජ කතාවතේ සියනෑ කෝරලය බැඳී ඇත්තේ අනගිභවණීය ලෙසය. ලක්දිව බොහෝ රජුන්ට මෙහෙසියක් සැපයු භූමියද වන්නේ මේ භූමියය. ඒ වගේම මෙරට රණශූර වර්ණාව සමග බැඳුණු බොහෝ විරුවන් ද සිංහල සාහිත්‍යයේ මිණිමුතු පරපුරද සියනෑ පුතුන්ය. සියනෑව පිහිටි අති විශේෂ භූ පිහිටීම නිසා මාන්තොට හා කැළණි තොට මෙන්ම කොළම් තොටද එක විටම නිරික්ෂණය කිරීම අනිවාර්ය කටයුත්තක් විය. එබැවින් මේ සිංහල රාජධානියේ තීරක මර්මස්ථානය තුනම එක විටම පරික්ෂා කර හැකි තැන වූයේ සියනෑ කෝරළයේ මැද පත්තුවේ ''බැලුම්මහර"ය. ඉතින් ''බැලුම් මහර'' අත්පත් කරගැන්ම ලක්දිව රාජ සිරිත පැතූ හැමෝටම පොදු වූ උවමනාවක් වේ. මෙය රටට පිටින් ඇතුල් වූ සතුරන්ටද ගොදුරු භූමියක් ලෙස නිබඳ නෙත වැටුණු තැනකි. ඒත් බොහෝ බලකාමීන් නොදුටු තැන වූයේද ''බැලුම්මහර"ය. මහර කොතැනදැයි දන්නේද? එබැවින් ඉතිහාස කතා ලතා අතර බැලුම් මහර වටහා ගන්නට නොහැකිව බලය අහිමි කරගත් රාජ මෝඩයන් ගැන කතිකා පුරාණ පත පොත අතර ඇත්තේය.

කොටින්ම පෘතුගීසීන්ට ලංකාවම අත්පත් කර ගැන්ම සිහිනයක් වන්නේ බැලුම්මහර මයාදුන්නේ හා ටිකිරි රාජසිංහ අතේ තිබූ නිසාය. අනෙක් අතට සියනෑව කඳුළු කතාවක් වන්නේ සිරි සඟබෝ රජතුමන් කෲර ලෙස ඝාතනය කළ රුහුණින් ආ ගෝඨාභය නිසාය. මේ කෲරතර සිදුවීම නිසාම ලක් ඉතිහාස කරණයේ ''හත්ථනගලූ විහාර වංශය'' හා ''හත්තනගළු වංශය'' නමින් සුවිශේෂි කෘතින් ද බිහිවේ. අනුරාධපුර යුගය වර්ණවත් කර පළමු ලම්බකණ්න රාජ වංශය බලයෙන් ඇද වැටීමට තුඩු දෙන්නේ බැලුම්මහරට නුදුරින් සිදු වූ මේ සිදුවීමයය. ඇත්ත කතාව සිංහල දේශපාලන රාජ යුගය නිමවා ජන සම්මත යුගයට පැමිණි විට සිදුවූ ඇති පුදුමයකි. එනම් මේ වන විට ජන සම්මත යුගයේ බිහිවූ දහනායකයන්, ප්‍රේමදාසයන් හා විජේතුංගගෙන්, රාජපක්ෂයන් හැර අන් සියළු රාජ්‍ය නායකයන්ගේ ජාත භූමිය සියනෑ කෝරළය. සේනානායකයන්, ජයවර්ධනයන් මෙන්ම බණ්ඩාරනායකලා, රනිල් වික්‍රමසිංහයන් සියනෑවෙන් දේශපාලන ජනිත බව ලැබූ අයය. වඩාත් පුදුමය ජනපති මහින්ද රාජපක්ෂයන් තමන්ගේ දේශපාලන හැතිරිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකයන්ව පරදා බලය පැමිණි විගසම තමන්ට නැති සියනෑ උරුමය සිහි වූ සැටියය. ඔහු වහාම තම මාගම් කල්ලියෙන් දෙදෙනෙකු සියනෑ කෝරළයට පත් කර එවන්නේය. ඒ මර්වින් සිල්වා ඇමති සහ තම සොයුරු බැසිල් රාජපක්ෂයන්ය.

මේ පෙනෙන්නේ ඊලඟ රජ්‍ය නායක භූමිකාවද සියනෑව සමඟ බැඳී ඇති පුදුම කතාවයය. මහින්ද රාජපක්ෂයන්ට පසු රාජ්‍ය නායකත්වයට පත්විය හැක්කේ යූ.එන්.පි යේ නම් රනිල් වික්‍රමසිංහයන්ය. ශ්‍රී.ල.නී.ප යේ නම් බැසිල් රාජපක්ෂයන් විය හැකිය. මේ කවුරු පත් වුවත් දෙන්නම සියනෑ බිමෙන් දේශපාලනිකව ජනිත වී ඇති සැටිය පෙන්වන්නේ බැලුම් මහර හන්දිය බැලූ බැල්ම ලේසී පහසු නැති වගය. මේ ඇත්ත සිංහල රාජ දේශපාලනයට කියා දෙන්නේ පණ්ඩුකාභය මහ රජුය. ඔහු දැල්වූ ඉව දිගේ දෙවන පෑතිස් රජ බැලුම්මහර ශෛල කැටයම පිහිටුවා, ඒ වටා රජ මහ විහාර පහක් තනවා ඇත්තේ ලොකු සත්‍යක් ඇති නිසාය.

ඉතින් ඒ බැලුම්මහරට ක්‍රි.ව.2013 අගෝස්තු 01 දා, සා පිපාසිත ජනතාව ආවේ දිය බිඳක් ඉල්ලාය. ලක් ඉතිහාසයේ කිසිම පාලකයෙක් බොන්න වතුර ඉල්ලූ තම ජනතාව මරා දැමූ වගක් නම් අසා ද, කියවා ද නැත. එවන් සටහනක් ඇති තැනක් ඉතිහාස පොතකද නැත. ඒත් පුදුමය, අයියා ආරක්ෂක ඇමති වූ රටේ, අයියාගේ මල්ලි ආරක්ෂක ලේකම් වූ රටක, දෙන්නාගේ අණ එකට එකතු වී වතුර ඉල්ලූ දරුවන් දරා දැමුණු සැටියය. ප්‍රභාකරන්ගේ දරු පැටව් මරා දැමුණු විට කිරිබත් කෑ සමාජයකට, එම ජාතික රණවිරුවන් අතින්ම තම දරුවන් මරා දැමුණු විට සිතෙන්නට ඇත්තේ කුමක්ද? සැබැවින්ම මෙයට සිව් වසරක්ට පෙර බැලුම් මහර හන්දියට නුදුරු වැලිවේරිය දෙදරන්නේ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමති පුපුරා ඒ ලෙයින් තෙමා ගලාය. ඉන් ඉක්බිතිව ඔහුව තැනූ හැදූ ඔහුගේ පාක්ෂිකයන් ඔවුනගේම රාජ්‍යයේ වෙඩි වරුසා වලින් ලේ ගලා, දිවි පුදා රතු පස්වල රතු ලෙයින් නෑවී යන්නේය.

මාවිල් ආරූ සොරොව්ව ඇර සිංහලයන්ට වතුර දෙන්නට ලක්ෂ ගණන් දෙමළ සමාජයට යුද්ධය හා මරණය දී දකුණට වතුර දුන් පාලනයක්, දකුණ පිපාසයට දිය ඉල්ලද්දී දෙමළාගේ පපුව පැලූ උණ්ඩයෙන් සිංහලයාගේ ද පපුව පැලුවේය. ඒ ලක් ඉතිහාසය ගැන ගැඹුරු ප්‍රශ්නාර්ථයක් ඇති කරමිනි. සැබැවින්ම දේශප්‍රේමීන්, රණකාමීන් වූ සැටිත්, ඒ වෙනුවෙන් දුටුගැමුණු, වළගම්බා සිටි වගත් මතකය. ඒ වගේම දේශප්‍රේමය චෞරවාදය වී, ඒ වෙනුවෙන් ''චෝරනාග ද'' ''සබ ද'' රජ වූ සැටි ද මතකය. ඒත් මේ තරමට තිරිසන් වූ දේශප්‍රේමයක් ගැන අපි කියවා අසා අධ්‍යනය කර හෝ විමර්ශනය කර ඇත්තේද?

බැලුම් මහර හන්දියට විත් සිංහලයා නැවතී ඇත්තේ ඒ අන්ත අගතිගාමී තිරිසන් දේශප්‍රේමයේ ය.

සුජිත් අක්කරවත්ත



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails