Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අඳුරු අහස ය රුදුරු මුහුණු ය
නිල කබා අත රැඳි තුවක්කු ය
දිය පොදක් යැදි දෑස් අසරණ
දවා හලුකර ගලන කඳුළු ය

පෙර දිනෙක මල් දාම රැඳි අත්
මුගුරු පහරින් බිඳී වැටුණා
පිරිත් මැතිරූ දෙතොල් පිපිරී
ලෙයින් රතුපස්වලම තෙමුණා
විමතියට පත් දනන් මුවඟින්
හෙළුන සුසුමින් හිරු ද සැලුණා
සිටු පුතුන්ගේ කාසි උල්පත්
රකින්නට විරු පුතුන් ඇදුණා

මඩ සෙවණ රැඳි කාණු පත්ලක
ඉරී ගිය පෙළපොතක පිටුවකි
මහලු මවකගෙ රිදී වන් හිස
මිදී ගිය රත් පැහැති ලපයකි
වීදියේ මැද හුදෙකලාවේ
හවුහරණ නැති කිහිලු කරුවකි
මියුරු සිහිනෙක මැද දි අවදිව
මඟ විමසනා මිනිස් අහිනකි

ඉගිල ආ ගිනි පොකුරු වැදිලා
සමිඳු පාමුල පහන බිඳුණා
ධවල පිළි හැඳි කපටි වසවතු
මරුට ඉඩහැර ඉවත හැරුණා
සැඳෑ අහසේ පැහැය පරදා
පළාතක රතු පැහැය දිලුණා
දෙවොල හිස මත වැටුණු දිනයේ
දුකට වාසල දොරටු වැසුණා

[ඡායාරූපය උපුටා ගැනීම dailymirror.lk වෙතින්]

චූලානන්ද සමරනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails