Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අපි වෙමු දඩ බල්ලෝ
අපි වෙමු හේවායෝ
එහෙයි කියමු
තුනට නැමෙමු
දෙන අණ ඔබලා උතුමනි
නිසි කල අකුරට කරනෙමු

යර්ස් සර්
යර්ස් සර්
ඔබගේ බලු කුක්කෝ වෙමු
අපි දනිමු
අපි දනිමු
ඔබ ගැන අපි දනිමු
ඔබ හිතන දේ කරන
හිතන්නට පෙර කරන
කීකරු සුවච කුක්කන්ය

මරන්නම් මරන්නම්
මරන එක වේය මනරම
එකෙක් දෙන්නෙක් වේ නම්
කජු ඇට කොස් ඇටය අපිට නම්

වැඩක් දෙමු මෙහෙටත්
උතුර සිහිපත් වෙන්න මුන්ටත්
වැඩක් දුන්නම මුන්ටත්
දකුණ සිහිපත් වේය උන්ටත්

අපි සර් කොල්ලෝ
ඔබලාගෙ නම් බල්ලෝ
උන් අපිට කිව්වත් විරුවෝ
දැන් අපි උන්ගෙ මරුවෝ

ඒ ඔබ නිසාමය
උතුර දකුණ ද එකමය
ඔබ නිසා අපේ ජීවිතය
වටිනාකමක සඳ විය

අපි ඔබට යර්ස් සර්
උන් අපිට යර්ස් සර්
එසේ වේ නම් අපෙ සර්
සතුටක් නොවෙද එය සර්

සතුට අපි රැක ගමු
අණ අපි පිළි පදිමු
පාඩම් උගන්වමු
මරමු අපි මරන්නෙමු

මෙල්ස් මාකැස්චේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails