Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



(දෙනමිණ. අගෝස්තු 06) වැලිවේරියේදී ජනතාව අතර සැඟවී සිට ලෝකයේ අහිංසකම යුද හමුදාවට පහර දුන් "තෙවන පාර්ශ්වය" මේ වන විට හෙළිදරවු වී ඇති බව දෙනමිණට අති විශේෂ ප්‍රකාශයක් කළ විශාරද අනුර හේනානායක මහතා සඳහන් කළේය. "කංගැට්ටා ආචරණය" ලොවට හඳුන්වාදුන් හයානක රහස් පරීක්ෂකයෙකු සහ ප්‍රකට ගායකයෙකු වන ඒ මහතා, හමුදා ප්‍රකාශක විසින් ලබා දුන් ඉඟිය ප්‍රකාරව ම, මෙය විශ්වාන්තර කුමන්ත්‍රණයක් වීමට ඉඩ ඇති බව පැවසුවේය. සිවිල් ජනතාව පළිහක් කර ගනිමින් මෙකී ඒලියන්වරු හමුදාවට දරුණු ලෙස පහර දී ඇති අතර, හමුදාව ද ඉතාම අකමැත්තෙන් වුවත්, ඒලියන්වරුන්ට ප්‍රතිප්‍රහාර එල්ල කොට ඇත. සිවිල් වැසියන්ගේ සිරුරු හමු වූ විට ඒවා වටා කැරකවී ගොස් සතුරන්ට පමණක් පහර වදින විශේෂ බුලට් වර්ගයක් උතුරේදී හමුදාව භාවිතා කළ නමුත් මෙම ප්‍රහාරයේදී කිසියම් ගුප්ත හේතුවක් නිසා වෙඩි උණ්ඩ සරල රේඛීයව ගමන් කොට සිවිල් වැසියන් ද අනතුරට ලක් ව ඇති බව සේනානායක මහතා ගායනා කළේය- සොරි- පැවසුවේය! ඒලියන්වරු ගැටුමෙන් පසු මළ සගයින් ද කරින් ගෙන අවකාශය තුළ ඌර්ධවපාතනය වී නොපෙනී ගිය හෙයින්, තෙවන පාර්ශ්වයට සිදු වූ හානිය සංඛ්‍යාත්මකව දැක්වීම දැඩි ලෙස අසීරු වී තිබේ. පර්යේෂණ කටයුතු මෙයින් අවසාන බවත් අසා සිටි ඔබ සැමට ස්තූති බවත් සඳහන් කළ ඒ මහතා ඉතාම ඉක්මනින් කර්මාන්ත ශාලාව එහිම තබා වැලිවේරිය ගම්මානය, මීතොටමුල්ල බඳු වෙන තැනකට ගෙන යන බවට 'ලේ'-කම් මැතිඳු පොරොන්දු වූ බව ජනතාවට සහතික විය.



ඔමරියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails