Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිඳු සිඹින මග බලන දියත්තක අතර මග
බෑවුමක් මුණගැසෙන බිහිසුණු ම ඉසව්වක
හිස නවා යුහුසුළුව ගිරි සිකර තරණයක
අගෙයි දුන්හිඳ ළඳුනි රූ සිරිය නුඹ මවන

ළපළු තුරු වදුළු වෙත ජීවයේ පැන් පොවන
දෙපා සිව්පා අපා පක්ෂි කැළ සනසවන
ශුෂ්ක වූ මිහිතලය නිවා සනහා රකින
මවකි නුඹ ලෝකයට සදා ජීවය සදන

ජීවිතේ ගමන් මග රළු පරළු ගල් පතර
පහත් වූ හිසින්, නමුත් එඩියෙන් වැතිර
විමුක්තිය ලබගෙන සුමුදු පෙණ පිඩු අතර
ලීන වූ අරුතින් වදාලයි, අනතිමානී බවක හරසර

[*ලීන අරුතින් - සැඟවුණු අරුතින්]

සුදර්ශන ලියනගේ (මී ගොඩයා)



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails