Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අනුරපුර නගරය
පූජා ලබන නගරය
නටඹුන් නෙතට මධුරය
ඇමතිගේ නම කොටා අලුත සෙල් ලිපි තැබූ*...
"ජේතවන" එහි උසම වෙහෙරය

රුවන්වැලි අරුමය
හැඩය සුමටව හදා ඇති හැටි පුදුමය
දොහොත් මුදුනේ තබා වැඳුමය
බලෙන් පෙති දිගහැරිය සුදු නෙළුම් මල් මොට්ටු කදිමය

සොඳුරුතම අරුණය
බලන් මල්වතු ඔයේ වරුණය
බැලූ බැල්මට තරුණය
එද, ගලායන වතුර වකුගඩු වලට අගුණය.

එදවස රාජ අඩවිය
මග දෙපස ලෑලි කඩ විය
උඩ මළුව වැඳ පුදා යළි හැරෙන පමාවෙන්
අලුත ගත් පාවහන් කුට්ටමම නැති විය

හැන්දෑව සිසිලය
ඉසුරුමුණි පෙම් යුවළ නිසලය
තිසා වැව් දිය රැළිති සසලය
වැව් පිටිය පුරාවට, තැනින් තැන ගොඩගැසුණු කසලය

ජාතියේ උරුමය
මෙයයි ඒ ලෝ පතළ පිළිමය
සමාධිය සමාජෙට අකැප බව දැන දැනම
මෙතෙක් කල් ඉවසගෙන වැඩ සිටින හැටි පුදුමය

අනුරපුර නගරය
පූජා ලබන නගරය
නටඹුන් නෙතට මධුරය
මුදල් දුන් විට පිපෙන රාත්‍රී නෙළුම් මල්
බැතිමතුන් ඇතැමෙකුගෙ ගොදුරය!

[*ප්‍රතිසංස්කරණය කළ ජේතවනාරාමයේ පැරණි සෙල් ලිපිය අසලින් මැති ඇමතිවරුන්ගේ නම් ගම් කොටන ලද ඒ ආකාරයේම අලුත් සෙල් ලිපියක් පිහිටුවා ඇත.]

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails