Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අප දෙදෙන මුණ ගැසුණු
ඒ ඇහැළ ගස යටම
ඒ ලෙසට උඩු වියන රන්වන්ව ඇති දිනෙක
භාවනානුයෝගී ව සිටිමි මම
වැහැරී ගිය මුහුණින්
දිගු සුදු රැවුල් කැරළි ඇති

ඈතින් කැලයේ මතුවී ආ
මුවැත්තිය ඔබ
අවිශ්වාසයක් නොමැතිව
නළඟනක් විය - එක්වරම වෙස් හැර

ඇසෙයි පා කිකිණි හඬ
පෙනේ ඔබගේ වියරු අභිනය
ගෙන දුන්නක් ද ඊතලයක්
විදින්නෙද ඔබ මා හට නැටුමෙන්ම

දහසක් දැහැන් විනිවිද
හී පහර ලයට එල්ල වූ
සුඛ දෂ්ට කිරීමක් විය
පැතිරුණු සිරුර පුරා සැණින්

[මා මිනිසෙක් ඔබ ගඟක් නිසා | 1995]

සිතුවම : Nik Helbig

ලාල් හෑගොඩ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails