Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කඩතොළු සහිත හදවතක
ලෙහෙසි නැහැ කටු කොටු සමඟ නැවතීම
විස්මයක් නොවෙයි මට රිදවීම
විශ්වයක්! එහෙත් නුඹ හිනැහීම

ඔද්දල් මනසිකාරය මතට
මද්දල් ගසන නොදැකීම
වත්තම් කරයි නොදැනීම
සත්තයි හිරිවැටෙයි සියොළඟම

නොඇසුණිද ටක් ටක් සද්දෙ
හදවතිනි ලබ් ඩබ් විද්දෙ
නෑරුණද ද්වාරය ළය මැද්දෙ
එළි නොවන ස්වප්නයකි දැක්කෙ

සිරිමතුන් නොවන තිරිසනුන් වුව පෙම් කරන ලස්සන
බවලතුන් නොමැති කල මොන කව ද ලස්සන
මාක්ස්වාදී වුණත් කඳුළු කැටි වස්සන
ඇවිස්සුණ දෙනයනක දකිනවද ලස්සන

දැඩි කඳු පවා නාය ගොස්
මහපොළොව තදබලව වේදනා උහුලයි
තුනට හතරට තැලෙන
කවියෙකුයි - කවිකමයි දැක දැක
අඩුම තරමේ විහිළුවට හෝ
නුඹ නාඬනා හැටි පුදුමයි

ආදරය හෙට උදෙත් තරුණයි
සත්තමයි , නුඹ නාඬනා හැටි පුදුමයි.

කසුන් මහේන්ද්‍ර හීනටිගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails