Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සරණපාල- (ඇතුල් වෙමින්) අම්මේ, දාන්ඩකෝ ප්ලේන් ටී පාරක්.

මැටිල්ඩා- (ඉදිරියට පැමිණ) මම දෙනව උඹට හොඳවැයින් කම්මුල් පාරක්. කොහෙද යකෝ එළිය වැටිච්ච වෙලේ ඉඳන් අර බල්ලගෙ පස්සෙයි - මේ බැල්ලිගෙ පස්සෙයි වීදියක් වීදියක් ගානෙ සවාරි ගහන්නෙ. හරියට වීදියෙ බණ්ඩාර වාගෙ. උඹ හිතනවද ඔය එකෙක්වත් උඹට නැති බැරි වෙච්ච කාලෙක ඇවිත් හුළැගිල්ලවත් දික් කරයි කියල. එහෙම නං ඉතිං කැළණි ගඟත් හිඳෙන්න ඕන. කොහෙන්ද උඹට ඔය කමිසෙ.

සරණපාල- යාළුවෙකුගෙන් ඉල්ල ගත්තා.

මැටිල්ඩා- ඇයි උඹ ඊයෙ රාත්තිරියෙ ගෙදර ආවෙ නැත්තෙ?

සරණපාල- මේ බිංගේ ඇතුලෙ තුන්දෙනෙකුට නිදා ගන්න පුළුවන්ද?

මැටිල්ඩා- ආව් අම්ම. මදැයි උඩ ගිහින් තියෙන තරම. කියාපන්කො තාත්තට කිරි ගරුඬෙන් මාළිගාවක් හදල දෙන්ඩ කියල. පණුවො කාපු දතක් වාගෙ මුළු ගේම හෙල්ලුම් කනවා. ඊයෙ රෑ ගහපු හුළං පාරට තව පොඩ්ඩෙන් වහලෙත් නෑ. රෙද්දක් ඇඳගෙන දොට්ට බහින්න බෑ ඉහේ කෙස් ගානට ණය වෙලා. ඒවා ඔන්නෑ උඹ පලයං රෝන්දෙ. ඇයි ඉතිං මම හිඟා කාල හරි තුන් වේලම බොක්ක පුරවනවනෙ. අර බෙළෙක්කෙ ඇති තේ කහට ටිකක් ගිහිං වක්කර ගෙන බීපන්. ඇයි පාවඩ එලනකල්ද බලාගෙන ඉන්නෙ? ගිහින් වක්කරගෙන බීපන්.

සරණපාල- මට ඕන්නෑ.

මැටිල්ඩා- උඹට මං සුද්ද සිංහලෙන් කියන්නෙ. ඔය පිප්ප්ලි ගෙරවිලි වලට එන්ඩ එපා මාත් එක්ක ඕං ඇහුනද? උඹලට රාජ බෝජන දෙන්ඩ අපට හයිය නෑ.

[-කැළණි පාලම (1978)]
[කැළණි පාලම මුද්‍රිත පිටපත (රන්ජන ප්‍රකාශන)]


ආර්. ආර්. සමරකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails