Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දුලා සොඳුරු සිහිනය ඇස තුල මැරුණ
පුලා කුසුම් පෙති ගිලිහුන ගල් උයන
බලා ඉඳන් බැරි තැන කුස ගිනි ගහන
උලා කන්න ගන්නා දහිරියෙ වරුණ

රනින් රුවක් තරු එළියේ මැවෙන්නට
රත් පැහැතිය ලේ වියැකුන දෙතොල් පට
වහෙන් ඔරෝ ඉඟිමරලා හිලව්වට
කඳුළු පැසක් ගෙන යමි හෙට කැදල්ලට

රාජ ජල්ලී බුදිනා ගෙයි පබාවතී
සර්වලෝක සම්පත්තිය මිටින් ගතී
කලා සපිරි සඳ වූවත් නැතත් සකී
පලා බෙදද් දී වටින්නේ චන්ද්‍රවතී

කරුමයටම මිට මොලවා ඇසිල්ලේ
කොටුව ඔහේ නිදි වැරුවා ගාල්ලේ
බිමින් ආපු ශක‍්‍ර බවන විදිල්ලේ
ණයට නෙවෙයි මිල ඇසුවා තුරුල්ලේ

විරාජ් කරුණානන්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails