Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෙර පුළුලු මඩ බිම් යායෙකින්
පිම්බී නැඟුණු අධිවේගී මගෙක
ජව බල රියක් මා රැගෙන ඉගිලෙත,
කෙමෙන් ඈතට විහිද පැතිරෙන
කෙත් බිම්, ළඳු කැලෑ, වන ගොමු
සිහිලැල් සැඳෑ සේයා මවා මා කැඳවයි

දිගන්තය දෙසින් ඉඳහිට එසැවෙයි
පෙර මා දැන හැඳිනි ගිරි හිස්,
සම බිමෙහි දෙපස මිටි ළැහැබ අතරින්
දුර පමණ සිතා ගත නොහෙන
ඒ මායා කඳු පෙදෙස් සොයා ගෙන
ගුඩු නිහඬ මංපෙතක් ඇදී යන

හැන්දෑ වළා අතරින් පෙරී එන
රන් වණ පැතිර නැවැතුණු
ඒ සිහින සේයා බඳු කඳු ඇසුරෙහි
හිත බැඳී ගොස් ඇලුණු විමනක් වෙත ද
සුළං සුව විඳිමින
පා පැදියක නැඟී යන්නේ අර මානවක

හළ කවුළුවෙන් පැන යන්නට හදන
ගොඩ ගැසුණු ලිපි ගොනුය
රියැ අසුන් මත,
ටයි ගැටය බුරුල් කරනට කල් නැත
සෙලියුලර් ඇමතුම් හඹා එයි
දිගින් දිගට ම නො එක අණ රැගෙන

සුදු බඳක් දිසෙයි දුර එපිට දාගැබෙක
මල් සුවඳකුත් පැමිණෙයි සුසුම් ඇසුරට
ළසඳ කල් බලන ගෙඋයන සොයමින
ඒ පියෙස වෙත ඇදුණු පා පැදිය!
ආලෝක සේයාවෙකි එහි නැඟී ගිය
මානවක!

අප අතර මයිල සිය ගණන් වන
දුරක් සාදා පියා පැය දෙකින
නියම කළ මඟෙහි තව
එක් සැණක් නොනැවැතී
ගිඟුම් දී ඇදෙයි රිය සැඩ වෙයින.

[රැය කරා ගමන | 2009]

නන්දන වීරසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails