Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



අසූ තුනේ කලබල මැද
ෂෙල්ටන් සහ කාන්ති නම්
සිනමා පටයක් ගින්නේ
ඇවිළී ගිය පුවතක් විය

කාන්ති? ඇය තරුණියක් ද?
ෂෙල්ටන්! ඔහු තරුණයෙක් ද?
හංස විලක පිහිනා ගිය
සොර අඹු සැමි ජෝඩුවක් ද?

ලෝකාන්තෙ උඩින් බිමට
ඉගිලී ගිය පෙම්වතුන් ද?
පොලීසියෙන් වටලා ඇති
හෝටලයක පෙම්වතුන් ද?

සාලේ බුදු වෙන්න සිතා
එක නිවසක වාසය කළ
අඹු සැමියන් දෙදෙනෙකු ගැන
සිනමා පට තැනිය නොහැක

හැඩරුව දනිතොත් නිසි ලෙස
වැලන්ටයින් මලක් රැගෙන
හෝටල්වල කාමරවල
ඔවුන් දෙදෙන සෙවිය හැකිය

[කිසිවෙක් කවියන් නොමරති | 2009]

එරික් ඉලයප්ආරච්චි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails