Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කෙටි කතා දහසකට කන්දී
නවකතාවක් ලියයි හැංගී
ළං නො වන ස්නේහයට ළංවී
දුර කතාකරනවද නංගී

සංවේග සංතාප මැඳුරේ
පින්තාරු මඳහාස අතරේ
ගුම්නාද ගුම්නාද ගුමුවේ
කන්තෝරු පියුමක්ව පිපුණේ

අක්ෂරත් දලු දාන භූමියේ
ඇස් දෙකක් දොර ගාව යාවුණේ
ඉස්තරම් ලිපි ඉහළ මාලයේ
පත්තරෙත් පිටකි සංසාරයේ

නිස්තරවැ පුළුල් අවකාශයේ
මෙච්චර දුරක් පැමිණි ප්‍රේමයේ
කප්පරක් කඳුළු බිඳු සේදුණේ
ලස්සනක් නෑ පුරුෂ ලෝකයේ

ඇස ගාව යකඩ හිණිපෙළ නඟින
කොයි කාට වුණත් හරි මග කියන
දුර ඈත වසන්තය දෙස බලන
නැඟෙණියනි, ඔබ තාම බිම, මෙතන.

ඇහැළ ඇමතුමකට ඇහැරෙමි | 2011

[සිතුවම |Jean-Paul Avisse]

මංජුල වෙඩිවර්ධන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails