Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නිමල ඇස් හැංගි මුත්තමක රැඳිලා
නොමළ බස් රාව ප්‍රතිරාව නැඟිලා
එකල හා මෙකල ගැලවුම්කාරි සොයලා
සකල ලෝ අහස කල්පනාවක ගිලිලා

හඳුනාගතිමි දවසක්දා ඔබ ඔබමයි
උපුටා ගනිමි මනුසත් සනහස සුවඳයි
නැවතත් සිතමි අදහන්නට බැරි තරමයි
සනසා සොඳුරු සිතුවිල්ලෙන් අපි අපිමයි

හංස විලක් නොවන ලොවක මෙහෙම ළඳක්
වංශෙ කබල් ගෑ උදවිය ගොළුය අදත්
දෙමළ කඳුළු බර වැඩි බව දැනුණු නෙතක්
උදුම්බරා නැවත හඬයි නැතිව හෙටක්

සුදු මුදු සුමුදු සයනය නැති මිතුරන්ට
බුදුවරියක් වීය රතු ඇතිරිලි සිතට
රුදු රුපු වදන් ඉවසා ඇත ඇතිවෙන්ට
නුදුරේදීම මෘදු සුළඟක යළි එන්ට

රාත්‍රිය දිගුය කළුවරට බය හිතිලා
දෝංකාරය හිඳියි පාළුවට තනි රැකලා
නුරා ගීයක සරාගී හඬ ම මතුරා
තුනී කළ මැනවි දුක ළයාදර සුනිලා....

කසුන් මහේන්ද්‍ර හීනටිගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails