Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



"....සමාජීය විප්ලවයක් තුලින් ස්වාධීනත්වය ලබා නොගත්තේ නම්, එහි එකම ප්‍රතිඵලය බටහිර සධන පංතියේ නියෝජිතයා වශයෙන් ක්‍රියා කරන ජාතික සධන පංතිකයන් බලයට පත්වීම යැයි ෆැනොන් ප්‍රකාශ කළේය. යටත් විජිතවාදී ක්‍රමයේ අතරමැදියෙකු ලෙස වර්ධනය වූ මෙම ජාතික සධන පංතියට ආර්ථිකයේ, යටත් විජිතවාදී රටාව බිඳ දැමීමට නුපුලුවන් බවත් ඔහු පැවසීය. එහෙත්, භුක්ති විඳි වරප්‍රසාද සහ සමාජයේ ලබා සිටි සූරාකන තත්ත්වය ආරක්ෂා කර ගැනීම තම පරම අරමුණ කර ගන්නා මේ සධන පංතිය මේ සඳහා අවිය කර ගන්නේ, ඒක-පාක්ෂික රාජ්‍ය තන්ත්‍රයකි. ඒ තන්ත්‍රය ඉහළ පැලැන්තියට වරප්‍රසාද බෙදා දීමේ මාර්ගයක් වන්නේය. ප්‍රජාතාන්ත්‍රීය දේශපාලන ක්‍රියාවලියකට අර්ථවත් ලෙස සම්බන්ධ වෙනවා වෙනුවට ජනතාව පක්ෂ-ප්‍රතිපත්ති ජය ඝෝෂාවෙන් පිළිගන්නා ජනතා රැළි හා පෙළපාලි වලට පමණක්ම සහභාගි වේ. ඔවුන්ගේ සහභාගිත්වය එයට පමණක්ම සීමා වේ. එවැනි රාජ්‍යයක් යටතේ ගෝත්‍රික හා වර්ගීය භේද ද දියුණු වේ...."

******

"....විමුක්ති සටනකින් සෑහෙන තරම් දෙදරුම් නොකෑ රටවලුත් යටත් විජිත ග්‍රහණයෙන් මිදේ. ඒ රටවල ද සර්වඥතා ඥානයට හිමිකම් කියන දක්ෂ, කපටි බුද්ධිමතුන් සිටිති. යටත් විජිතවාදී සධන පංතිකයන්ගේ ඇසුර ලැබූ කාලයේ ද ඔවුන් ඉගෙන ගත් ගති පැවතුම් හා සිතුම් පැතුම්, නොවෙනස්ව ඔවුන් තුළ පවතින බවද අපට දැකිය හැක. ඊයේ පැවති යටත් විජිත රජයේ මෙන්ම අද පවතින ජාතික ආණ්ඩුවේ ද හුරතල් දරුවන් වූ මොවුහු ඉතිරි වී ඇති යම් ජාතික සම්පතක් වේද, එය ද කොල්ල කෑම සංවිධානය කරති. අද පවතින ජාතික ව්‍යසන මාර්ගයෙන් කිසිඳු අනුකම්පාවක් නැතුව ඔවුහු තම අභිවෘද්ධිය සාදා ගනිති....

...වෙළඳාම ජනසතු කරනු යැයි ඔවුහු තරයේම කියා සිටිති. ඒ කියන්නේ වෙළදපොල හා ලාභ ගෙන දෙන ව්‍යාපාරික කටයුතු ස්වදේශිකයන්ට පමණක් සීමා කිරීමටයි. ඇත්ත වශයෙන්ම න්‍යායක් වශයෙන් ඔවුන් කියා සිටින්නේ ජාතිය කොල්ලකෑම ජනසතු ව්‍යාපාරයක් බවට පෙරලීමේ අවශ්‍යතාවයයි...."

-මිහිතලේ අසරණයෝ (මාර්ග ප්‍රකාශන 24) කෘතියෙන් කළ උපුටා ගැනීමකි.
[The Wretched of the Earth- Frantz Fanon]


ප්‍රාන්ට්ස් ෆනෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails