Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



වීණාව නීල නදියේ හොවා
තඹර පෙති මතින් බැස,
තෙපුල් බැරි කෙවිලියක වී සැණින්,
සරසවිය ඉගිළීය,
සම්මාන පුරය වෙත..

මිහිතලයෙ අසම සම
කලාකරුවන් පමණි,
සම්මාන හැරපියා,
එ'පුර කිසිවක් නොවේ..

බිනර මාසය පුරා
ලියති, කියවති දනෝ..
කඩපොළද, මහමගද පාළුවේ
ළිපේ ගිනි-කුසේ ගිනි නොදල්වා
බත් හැළි ද සිල් ගනී - පොත් නමින්..

විදුදය ය,
ගොඩගේ ය,
ලොකුම රන් පුස්තකය,
අතරමැද
සංසාර පුරුද්දට
ආණ්ඩුවෙනුත්
හිතේ හැටියටම..

නවකතා,
කොට කතා,
කව් සිලෝ,
විදෙස් - බස්
මහා පොරයකි
බෙදන්නට
බදාගෙන යන්ට...

ලැබුවත් ගොළුයි, නොසුදුසුයි හදවත දනී සම්මාන..
දිනු මං, කෙටියි, මතුපිටය, ගැඹුරක් නොවේ සම්මාන..
ලියු අත්, දනියි, බස, හරය, නිර්ණය වේද සම්මාන..
කලාවම හඬයි, මහ හළාහල විෂකි පොත් සම්මාන..

[යුගස්ත්‍රී - 2011]

අනුරාධා නිල්මිණි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails