Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers


Andrew Sinclair විසින් සංස්කරණය කරන ලද, VIVA CHE! [The Strange Death and Life of Che Guevara] කෘතියෙහි පරිවර්තනය |
5 කොටසට මෙතනින් යන්න.

චේ, සිය තුවාල ලද සගයන්ගේ කුඩා කණ්ඩායම ද රැගෙන ෆිදෙල්ගේ කණ්ඩායම වෙත 1957 ජූලි මාසයේදී පැමිණි අතර එහිදී සියෙරා මෙස්ට්‍රාවේ ඇති කළ දෙවන බල ඇණියේ නායකත්වයට චේ නම් කරනු ලැබීය.

චේ [CHE] මෙසේ කියයි:

එහිදී මා කපිතාන් ධූරයට පත් කොට නව භට කණ්ඩායමක් සංවිධානය කළා. මේ කණ්ඩායමට භටයන් තිස් පහක් අයත් වූ අතර ඔවුන් විවිධ ඇඳුමින් සැරසුණු විවිධාකාරයෙන් අවි දැරූ අය. මම ඒ කණ්ඩායම ගැන බොහෝ ආඩම්බර වුනා. රාත්‍රීන් කිහිපයකට පසු තවත් ආඩම්බර විය හැකි, විප්ලවයට තවත් සමීප විය හැකි කිසිවක් සිදු වූවා. අපි කාලෝස්ට (Frank Paísගේ රහසිගත නාමය) - ඔහුව අගය කිරීමට සුභ පැතුම් ලියමනක් ලියමින් උන්නා. මේ ලියමනට ලියන්නට දත් සියළු ගරිල්ලන් අත්සන යෙදිය යුතු වුණා. (ගරිල්ලන්ව අප සමග එක්ව හුන් බොහෝ සියෙරා වැසියෝ ලියන්නට කියවන්නට දැන හිටියේ නැහැ.) අත්සන් එක තීරුවකත්, අත්සන් කරන්නාගේ තනතුර අනෙක් තීරුවේත් සටහන් කළ යුතුව තිබුණා. මගේ වාරය පැමිණි විට ෆිදෙල් බොහොම සරලව පැහැදිලිව මෙහෙම කිවුවා. "එතන මේජර් කියලා දාන්න." මෙසේ විශේෂ සූදානමක් නැතිව නිරුත්සාහිකව ම මා දෙවන ගරිල්ලා බල ඇණියේ මේජර්වරයා විදිහට උසස් කරනු ලැබුවා. පසුව හතරවන බල ඇණිය ලෙස හැඳින්වූයේ ද මෙයමයි. එය මට ගෞරවනීය හැඟීමක් ඇති කළා. එදින ලොවේ වටිනාම මිනිසා මා යැයි මට සිතුණා. මගේ තනතුරේ සංකේතය ලෙසට කුඩා තරුවක් ද ලබා දුන්නා. ඒ සමග අත් ඔරලෝසුවකුත්.



කස්ත්‍රෝ යටතේ වූ පළමු කණ්ඩායමට සාපේක්ෂව අපට වඩා පහසු කාර්යයන් ලැබුණා. වඩා ස්ථාවර කඳවුරු ලැබුණා. පළමු කර්මාන්තශාලා ඉදි කිරීමට යෙදවූවේ ද අපේ කණ්ඩායමයි. අපේ කටයුතු අඩු දේශපාලනික වැදගත් කමක් දැරූ නමුත්, ඒවා අපගේ ස්ථාවරවීම කෙරෙහි පැහැදිලිවම බලපෑවා.

රෆායෙල් චාඕ [RAFAEL CHAO] මෙසේ කියයි:

ඔහුගේ කළු තොප්පියේ කුඩා රන් ආලේපිත ලෝහමය තරුවක් පළඳා තිබුණා. ඇතැම් විටෙක ඔහු එල්ලෙන ඇඳට වී සටහන් ලියමින් සිටිනු දක්නට ලැබුණා. ඔහු කිසිම වෙලාවක කිසිවක් නොලියමින් විවේක නොගත් තරම්. සාකච්ඡා කිරීමටත් ඔහු ප්‍රිය කළා. හැමකෙනෙක්ම නින්දේ පසුවෙද්දීත් ඔහු කඳවුර මැද්දෙන් ඇවිද යමින් කතාබහකට අල්ලා ගැනීමට කිසිවෙකු හෝ අවදිව සිටීදැයි විමසිලිමත් වූවා.


කැරලිකරුවන් අල්ලා දීම සඳහා ත්‍යාග මුදල් නිවේදනය කළ දැන්වීම- ෆිදෙල්ගේ හිස ගෙන ඒම සඳහා ත්‍යාග මුදල ඩොලර් 100,000කි.

ONIRIA GUTIERREZ මෙසේ කියයි:

(Oniria චේගේ කණ්ඩායමේ පළමු කාන්තා සාමාජිකාව. 1957 දී එක් වූ ඇයගේ එවකට වයස අවුරුදු 18ක් විය.)

වරක් චේ මගේ ආගමික විශ්වාසයන් ගැන විමසුවා. මේ නිසා මම ඔහුගෙනුත් ඔහුගේ ආගමික භක්තිය කෙබඳුදැයි විමසුවා. එවිට ඔහු කීවා; "නෑ මම කොමියුනිස්ට්වාදියෙක්. මට ආගමික බැතිමතෙක් වීමට බැහැ." එවදන් අසා මා ගොළු වුණා. තරුණ වියේ සිටි මට දේශපාලනික අවබෝධයක් තිබුණේ නැහැ. ඒ වන විට කොමියුනිස්ට්වරු පිළිබඳ මා අසා තිබුණේ දරුණු කතා. මා එක්වරම මා උන් එල්ලෙන ඇඳෙන් බිමට පැනලා මගේ විරෝධය පළ කරමින් කෑ ගැහුවා. "නෑ ඔබට කොමියුනිස්ට්වාදියෙක් විය නොහැකියි...! ඔබ තරම් හොඳ මිනිසෙකුට...!" මෙය අසා චේ ට හුඟාක් හිනා ගියා. ඉන්පසු මා නොදැන සිටි බොහෝ දෑ ඔහු මට කියා දෙන්නට පටන් ගත්තා.


ෆිදෙල් සහ රාවුල් කස්ත්‍රෝ

තවත් අවස්ථාවක අපි කණ්ඩායම් සාකච්ඡාවක් පවත්වමින් උන්නා. අපි අතර හිටි සමහරු කියන්නට හුරුව හිටියා අපි බැටිස්ටා පැරදවූ පසු අනික් රටවල් වලටත් ගොස් සටන් කරනවා කියා. මේ ගැන කතා කරද්දී මම චේගෙන් ඇහුවා.... "ඔබට ඔබව දැනෙන්නේ ආජන්ටියානුවෙකු විදිහටද චේ? ඔබ මෙහේ ආවේ කොහොමද? අපට අපි මෙහේ- මෙතන සිටීම තේරුම් ගත හැකියි. නමුත් ඔබ??" චේ මගේ ප්‍රශ්ණය තේරුම් ගත්තා. ඔහුගේ සුපුරුදු කාරුණික ස්වරයෙන් උත්තර දෙන්නට වූවා. ඔහු කී දේ මට කිසිකලෙක අමතක වන්නේ නැහැ. "ඒක තමයි අප එකිනෙකාට උදවු කර ගත යුත්තේ..." මට මතකයි ඔහු කියනවා ඔහු මියයන්නේ වයසට ගිහින් නොවෙන බව. මේ කතාව ඔහු අවධාරණය කළේ ඒ වන විට පවා ඔහු අරගලය දිගටම ගෙන යාමට තීරණය කොට තිබූ නිසයි.



චේ [CHE] මෙසේ කියයි:

සපත්තු කර්මාන්ත ශාලාවක්, යුද්ධායුධ ගබඩාවක් සහ කම්මලක් ඉදි කරන්නට අපට පුළුවන් වුනා. හිස් කාට්රීජයක් සමග කුඩා ලෝහමය ග්‍රෙනේඩයක් යොදා වෙඩි තැබීමේ තාක්ෂණයක් අපි විසින්ම නිපදවූවා. අපි පාසල් හැදුවා. විනෝදවීමට තැන් හැදුවා. පාන් පිච්චීමට බේකරි හැදුවා. කැරලිකරුවන්ගේ රේඩියෝ විකාශන මධ්‍යස්ථානයක් ද පසුව ඉදි කළා. (Radio Rebelde) අපේ පළමු රහස් පුවත් පත වූ "El Cubano Libre" පළ කෙරුවා.

[මතු සම්බන්ධයි.]
පරිවර්තනය - කූඹියා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails