Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කේක් එක රෙජිෆෝම්, ටජ්මහල සුන්දර ය
කාරෙකට පහළොවයි බෙන්ස් ඊටත් වැඩි ය
සුජාතා නංගිගෙනි මල්කළඹ දොළහකට
සාරියට තිස් පහයි, වර්ක් එක නම් වෙනම

ප්ලේට් ගාණෙං එහා ෂේප් නැති හෝටලයෙ,
ලාබ වෙල්ක්ම ඩ්‍රින්ක් සමග සෙටිබැක් නොමිලෙ
පෝරුව ද, අෂ්ඨක ද, බෙර ද, ජය මංගලම්,
නැවුම් මල් සැරසිලි ද 'පැක්කේජ්' ය ගිනි ගණං

දෙවැනි මල්ලී ගාණෙ 'ඩී. ජේ.' ත් ලාබෙට ය
මහමෙරක වට්ටමකි 'ස්ටෝරි බුක්' එකට
යාළුවෝ අර අයිනෙ, බෝතලුත් ඒ පැත්තෙ
පොඩි මාම බිව්වමයි කට පරිස්සම් නැත්තෙ

මධු සඳින් පෙරාගත් විතක් සේ පින්සාර
මධුසමය දෙදිනකට හතලිහත් පැනලා ය
හීතලේ පණ ගැහෙන උණුහුමක් පැතුවාට
නුවරඑළියට වඩා කිතුල්ගල මිල අඩු ය

සයිකලේ විකුණුවෙත් ආභරණ හින්දා ය
මිම්මටම තැනූවත් මුදුව තරමක් ලොකු ය
සියට දහයකි පොලිය ජස්ටින්ගෙ සල්ලිවල
ආපදා ණය ගත්තෙ මාස තුනකට පෙර ය

ඉතිං අපි බඳිනවා, නො කීවැයි නො කියන්න
සෙනේබර හිතවතුනි, නො වැරදී පැමිණෙන්න
'ඇන්විලොප්' අවැසි නම්, අයියගෙන් ඉල්ලන්න
ස්තූති පත්‍රිකා එක ගාණෙ ගෙනියන්න

[හැටේ වත්තේ මග්දලේනා | 2013]

සෞම්‍ය සඳරුවන් ලියනගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails