Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



නාට්‍ය හා රංග කලාවට විශේෂ ලැදිකමක් සහ ආශාවක් ඇති නිර්මාණශීලී අයෙකුට එය ගැඹුරින් හැදෑරීමටත්, නිර්මාණකරණයේ යෙදීමටත් අවශ්‍ය වඩා නිවැරදි සහ විධිමත් පදනම් අධ්‍යාපනයක් සැපයීම මෙම වැඩමුළුවේ මූලික අරමුණයි. එසේම මෙම වැඩමුළුවෙන් පසුව ද වඩා නිර්මාණශීලී හා ගවේෂණශීලී නාට්‍යධරයකු බිහිවීමට මග පාදා දීමේ අරමුණින්, ශිෂ්‍යයින්ට ස්වාධීනව හැදෑරීමටත්, නිර්මාණකරණයේ යෙදීමටත් අවශ්‍ය දැනුම සහ උපදෙස් ලබා දෙනු ඇත. මෙම වැඩමුළුවෙන් සිනමා, රූපවාහිනී නාට්‍ය ආදි නිර්මාණවලට ඇතුළත්වීමට, ජනප්‍රියවීමට, රැකියා මාර්ග සැලසීමට හෝ විභාග සඳහා අත්වැල් ආදී දේ ලබාදිමට කිසිදු ආකාරයේ සූදානම් කිරීමක් සිදු නොකෙරේ.

වැඩමුළුව කොළඹ නගරයේ සියලූ පහසුකම් ඇති ස්ථානයක 2013 දෙසැම්බර් මාසයේ සති අන්තයක, සිකුරාදා සිට ඉරිදා දක්වා පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වේ.

වයස අවුරුදු 35 ට අඩු නාට්‍ය කලාව පිලිබඳ ආශාවක් ඇති ස්ත්‍රී, පුරුෂ ඕනෑම අයෙකුට මෙයට ඉල්ලුම් කළ හැකිය. මුලින්ම ඉල්ලුම් පත්‍රයෙන් ද, දෙවනුව සම්මුඛ පරීක්ෂණයකින් ද අනතුරුව, වැඩමුළුවට තෝරා ගන්නේ සීමිත පිරිසක් පමණි. ඉල්ලුම්කරුවන් මුද්දරය ඇලවූ, දිනය ලියූ ලියුම් කවරයක් පහත සඳහන් ලිපිනයට ලැබෙන්නට සලස්වා ඉල්ලුම් පත්‍රයක් ලබාගෙන එය පුරවා නොවැම්බර් පහළොස්වැනිදාට පෙර එවිය යුතුය. වැඩමුළුව තුළ හෝ අවශ්‍ය කෙනෙකුට වැඩමුළුවෙන් පසු සහයෝගය ලබා දෙනු ලබන්නේ කිසිදු අයකිරීමකින් තොරවය. සුබසාධන සහ අමුද්‍රව්‍ය වියදම් සඳහා පමණක් සුලු ඇතුළත්වීමේ ගාස්තුවක් අයකරනු ලැබේ.


(ඔබ සාපෙක්ෂයි කෙටි නාට්‍යයෙන්)

මෙය නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, රංගනය, න්‍යාය සහ විචාරය මූලික කරගත් ප්‍රායෝගික සහ න්‍යායික වැඩමුළුවකි. එසේම නාට්‍යයක් යනු කුමක්ද? රංගනය යනු කුමක්ද? මෙන්ම ඉතිහාසය පුරා නාට්‍යයේ හැඩය වෙනස් කළ ප්‍රධාන සංකල්ප, සමකාලීන ලෝක නාට්‍ය ප්‍රවණතා ආදී මාතෘකා යටතේ සාකච්ඡා වට පැවැත්වීමට නියමිතය. අතිශය ශික්ෂණයකින් යුතු මෙම වැඩමුළුව, සාමූහික ක්‍රියාවලියක් ලෙසට දියුණු නාට්‍ය කලා සංස්කෘතියක් තුළ තිබිය යුතු අන්‍යෝන්‍ය උපකාරය, සාමූහික ආස්වාදය සහ විෂයය සදාචාරය අභ්‍යාස ගත කළ හැකි විශේෂ ආකෘතියකින් හා අසම්ප්‍රදායික නූතන අධ්‍යාපන රටාවකින් යුක්තය.

වැඩමුළුව මෙහෙයවන නාට්‍යවේදී ධනංජය කරුණාරත්න නාට්‍ය නිෂ්පාදකවරයෙකු, රචකයෙකු, වැඩමුළු උපදේශකවරයෙකු සහ විශ්ව විද්‍යාල රැසක බාහිර කථීකාචාර්යවරයකු ලෙස කටයුතු කර ඇත. ඔහු ඕස්ටේ්‍රලියාවේ වොලොංගොං විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකු වන අතර වර්තමානයේ එම විශ්ව විද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ වැඩිදුර අධ්‍යයන සහ පර්යේෂණවල නියැලෙමින් සිටිමින් ශ්‍රී ලංකාවේත් ඕස්ට්‍රේලියාවේත් නාට්‍ය නිෂ්පාදනය කටයුතු සිදු කරයි.


(දුවන් උන් දෙන්නෙක් කෙටි නාට්‍යයෙන්)

ඉදිරිපත් කිරීම- සිඩ්නි-කොළඹ නාට්‍ය ව්‍යාපෘතිය.

ලිපිනය-
තුන්දින නාට්‍ය වැඩමුළුව,
චන්ද්‍රගුප්ත තේනුවර මහතා,
60/3A,
නව වන පටුමග,
ඇතුල් කෝට්ටේ.


දුරකථන‐ 0718 480994 / 0777 350228



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails