Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



" භූ ගත ගරිල්ලෙකු සිටී නම්
ඌ වේසා ගෑණියෙකුගේ පුතෙක් නම්
ලොව ඇති උත්තම ප්‍රේමයද
ලොව ඇති දරුණුතම වෛරයද
සැඟව ඇත්තේ ඒ රහස් හදවතේය.."


-1990 දශකයේ මුල් භාගයේ දී අතුරුදන් වූ චන්ද්‍රකුමාර වික්‍රමරත්න සහෝදරයාගේ කවියකිනි.

ඉතින්, කාලය හා දුර පි‍ළිබඳව
හැඟීමක් නැතිවම
අප විසිර ගිය දිනවල
නිසල වූ බොහෝ හදවත් මෙන්ම
පරපුරක කටහඬ ගීතවත් කළ
ඒ රහස් හදවතත් නිහඬ වූයේද…

"තාත්තාගේ පිංකම දා කොළඹ එන
සමනලුනේ නොදනිද ඔහු සිටින තැන.."

පාසලේ කොට බිත්තියට උඩින් පැන
"චැටර්ලි ආර්යාවගේ පෙම්වතා" බලන්නට
පෝලිමේ සිටි අපව
අභිරහස් විරුවන්ගේ
සොහොන් බිම් වෙත කැටුව ගොස්
සීරුවෙන් දණ නවා සිටිනයුරු
කියා දුන්නේ ඔබය.

යුග දෙකක පොදු මිනී වළ මත
හුරේ දමමින් සපැමිණි
බොහෝවුන් වසුරු හෙළනා විට
සියලු මළවුන් නිදොස් කොට
කවි ලියූවේ නුඹම පමණකි.

වියතුන් සබා මැද
නුඹේ කවි වෙඩි තබා
මරා දැමුණද
දහසක් සටන් බිම් මත
තාමත් ඇසෙයි ඒ කවි
රහසේ මිමිණෙනා හඬ

".. නටබුන් අතර තනි වූ අපට
සිතන්නට නම් බොහෝ දේ
ඉතුරු වී තිබේ.." යැයි ලියා
ළතැවුලින් නුඹ තනිව
නික්මුණේ කොහේටද…?

නැගී එන
නව පරපුරක කටහඬ අතර
නුඹේ පන්හිඳ සොයන මට
පිළිවදන් දෙනුයේ
දුරුතු සඳ මත වැදී එන
දෝංකාරය පමණකි.

ලියා නිම නොකළ
කවියක් වේ නම්
එය ලියන ලද්දේ
අතුරුදන් ගරිල්ලෙකු නම්
ලොව ගැඹුරුතම වේදනාව
දනවනු ඇත්තේ
එහි අවසන් වදන් පෙළය.

හිරු | නිම්තෙර | 1995 මාර්තු 05

[-Far and beyond]

අජිත් සී හේරත්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails