Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



හිරු රැසක් යනු ලෙහෙනුනි
හුනුව වැගිරෙන
මවකගේ ආදරයයි
නුඹට මට..
බිලියන ගණන් වසර
මහලු මව් කෙනෙකි ඉර
ක්ෂීරපතයේ කොනක
හුදකලා වී හිඳින

රිකිල්ලෙන් රිකිල්ලට
රිදවමින් පනින විට
ගිලිහෙනා පලාවන්
තුරු පතක
අපතේ යයි හිරු එළිය...

දත ගසා නොවළඳා
බිම හෙළන ඵලයක
සැඟවිලා ගලා යයි
ඇගේ ආදරය
නොදැනීම නුඹට මට

කතරක සයින් මියෙන
ළපටියෙකුගේ මුවක
මිහිරි රසයක් නොවී
වියරු බටහිර මුහුදු
රළක ගිලෙමින් හඬන
රන්පෑති තිරිඟු කරලක
මරණීය විලාපය
නෑසෙනා මිනිසකුව
තරවටු වදන් කියමි
නුඹට මම...

ප්‍රවේශමෙන්! ලෙහෙනුනි
අපතේ නොයැවිය යුතුයි
හිරු එළිය...

චිරන්ත ජයසේන



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails