Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිය හිමි ගැන හිත හිත - නොතැවෙමි ගිය පිට රට
මිතුරන් හා සතුටින් - ඔහු ඉනු ඇත
ලෙඩවන කල දරු - කර බැඳ යමි වෙද ගෙදරට
ගිහි - ගිනි ගෙයි කර වෙමි - දර වෙමි - කරදර මැද

අලුයම අවදිව හකුළමි - දවසක වැඩ පැය දෙකකට
දරුවොත් පාසල් යවලා - දුවනෙමි වැඩ පොළ වෙත
ඇඳිරිය එනවිට - ගොඩ වදිනෙමි පොදු ජන රියකට

වත බල බල - හිත අනාචාරයේ හසුරන
තෙරපෙන නලියන සළෙලුන් හට බැණ
කුණු හරුපෙන් ආසිරි ලබමි

කඩපිල් බක්කියෙ මාකට් වල පෝලිම් ගැසෙමි
උරෙනුර ගැටී - හොඳ හැටි දිවි සටනේ යෙදෙමි
ජය ගෙන මිස පැරදීලා - ගෙදරට නොයමි
පාගන්නට එන අය පාගමි - හැකි වෙර දමමි

කළුවර මඩ වගුරේ වැටි වැටි - බඩවැටියෙන් ගොඩ වී
ලුහු බැඳි බේබදු රකුසන් හට බිලි නොවෙමී
රාග සිත් වලට මේ නෙත් - උල් පිහියක් කරමි

මදන වතට හිත - චක්‍රා යුධයක් කර ගසමි
එක මොහොතේ දහ දෙනෙකු නඟන වෙර
මේ මුදු දෑතට අර ගනිමි

පතිවත ඉහ තබමින් - සැතපෙන රෑ සයනේ
දවසේ ගිම් - ගිනි නිවෙනා සඳ දුක සිතුනේ
කහවනු රන් පොදි බැඳ - ඔබ එන මතු දිනයේ
සිය කෝමළ බිරිඳ කොහේ දැයි
නොතැවෙන් හිමි සඳුනේ

[කුළී මාළිගා | 1991]

සිතුවම : Pablo Picasso

යමුනා මාලිනි පෙරේරා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails