Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සිතැඟි බඹරු-රොන් පොනු රිසි එකම මල
නුඹය දයා අරවින්දය කවි කැකුළ
සොඳුරුය මැඳුරු තුළ යසිසුරු කුළුණු මුල
කුමට කුමර සුව නුඹ නැති කල අසල

පැරද පළා ගොස් තනිවී සිටි කලෙක
නුඹම අඬගැසූයෙන් ආවා මිසක
තනිකම අතැර මා දුර යාද කිකලෙක
මගේ පාපයද මා එලෙස ආ එක

දාසෙන් විසල් වැව් බැන්දා වාගේම
කාලිදාස පන්හිඳ හැඬවූ සේම
මෙතේ බුදුන් පින් රැස් කළ තරමටම
දාහක් පැතුම් පොදි බැඳ කල් හරිමි මම

මගේ ඉහළ පෙම ළඟ නුඹ තව බිමය
නුඹෙත් මගෙත් එක පිළිතුර ගොළුකමය
දැණුනු එකම දෙය හද ගැහෙන රිද්මය
‘නිහඬ කම’ ය යනු ආදරයක නමය

නිමා නොවන ලෙද අද මග තොට ඇවිද
සොයා නොලද්දෙමි පායා නොමැති සඳ
එවන් මහද ඇද බැඳ වැළඳ ඉවරද?
ඉතින් ඇතිද දැන් සතුටුද මා සුහද?

සිනා සිඟන්නෙක් වූවෙමි කොලු කමට
හිතේ පඬුරු ගැට ගැසුවෙමි තනිකමට
පුරුදු සුවඳ යළි ඉව කළෙමි නිකමට
අතීතයත් හෙට දවසත් නුඹයි මට

[වැසි ඉසෙන ඉසව් | 2009]

ලක්ශාන්ත අතුකෝරල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails