Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෙරෙට්‌ටුව ඉවර වී
ගෙන අතට හුළු අතු
රබර් වතු මැද්දෙන්
ඈත කන්දට
ඇදී යද්දී
මිනිසුන්
කරස්‌ ගා පොඩිවෙනු ඇසෙයි
රබර් කොළ....

කුඩා කවුළු තුළ
දැල්වෙද්දී පහන්
පිනි වැටෙන සට සට
තුරු ඇසක
රබර් කිරි අඬනවා ඇති
පිරෙන තුරු
පොල් කටු.....

"අම්මේ ඇයි තවම
පමා නුඹ
තරණය කර දොළ
වෙනදා මෙන්ම
එනවා නොවෙද මඟ

කියනවා උන්
නෙක්‌ කථා
නුඹ ගැන
මගට එන්නට හිතෙයි මට

හුළු අත්ත නිවුණා වත්ද
රබර් හේඩාව මැද
මඟ වැරදී ගියාද
අඳුරේ ම.....

එන්නට හිතෙයි මට
නංගී ද කැටුව
ටිකයි ඇත්තේ
භුමිතෙල්
නිවෙයි පහනත්
ටිකකින්.....

කොතරම් කළුවර
දරාගත්ත ද
අද දැනෙන මේ අඳුර
දරා ගන්නට බෑ මට

අම්මේ
පමා ඇයි තව ම
එන්නට හිතෙයි
නුඹ සොයා
අඳුරේ ම....

බයයි මට
නිවේ දැ යි මේ පහනත්
අඹරවා සුළඟින්
ගෙන යා ද
එළිය කොහේ වත්
මංමුළා වේවි ද අම්මේ
නුඹත් නංගීත්
මමත්.

[බිම් ගෙයට සඳ ඇවිත් | 2010]

නදුන් යසිත දසනායක



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails