Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඇයට හොඳටම මතකය තාම හැම දේම
ඉර මැරෙද්දී දවසක ගඟක ඉවුරක සවසක
ගඟ උනත් තරබාරු මැදිවියේ අගනක් ඒ වෙනොකොට
හොඳ දේකට කොහෙත්ම හොඳ නැති මොහොතක
ඔහු මාන බලනකොට සුදුමුදු තඹර පහසට
පුදුමෙකට වගේ ඈ ඇඳ සිටියෙත්
රත් තඹුරු පාට ගවුමකි කර පලල්
පොල් කටු දෙක තුනක් රත් කරන්
මදින විට ගවුම රැළි තිය තියා සීරුවට
හිතේ ඔරලෝසු කටු දිව්වෙ බැන බැන

තරබාරු මහලු අඟනක්ව
ජීවිතේ ඉර මැරෙන කාලෙක
නැවත පැමිණෙන විට ඒ මතකෙට
ඇයට හොඳටම මතකය තාම හැම දේම
එකම එක ඕනිම කරන දෙයක් මඟහැර
එදා ඔහු ඇටෙව්ව ඒ උගුලට
දැන ගෙනම නො දැනෙන ගානට වැටෙන කොට
හිත පුරා ඔඩු දිව්ව මිහිරි කෝමල කෙලි හැඟුම නැති
මැරුණු මතකෙකි එය නො මැරුණ

ඉතින් වැලපේ ඇය අද අඩු නැතිවම
අමතක වුන එක ගැන නොවේ ඈ ඔහුට ද

යලි කිසි දිනෙක නො දැනුණ
හීනෙක පවා නො රැඳුණ
මතකෙක පවා නො පිපෙන
ඒ හැඟුම් අහිමිව පාවෙන
මතකයෙ තිබෙන එක ගැන ඇයට හැමදේම

සුසන්ත මූණමල්පේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails