Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මගේ බිරිඳ
කැතය
මගේ අසල්වැසියාගේ බිරිඳ
රූපත්ය

සිතූ
මම

ඇගේ හැඩරුව බැලුමට
යතුරු සිදුරින්

මගේ අසල්වැසියාගේ
නිදන කාමරයට එබුණෙමි

දෙවියනේ!
මං මේ දකින්නේ සිහිනයක්වත් ද?

මගේ බිරිඳ
මගේ අසල්වැසියාගේ කාමරයේ

******

දැං
මට
මගේ බිරිඳ රූපත්ය
අන් කවරදාකටවත් වඩා

එද,
දැං මට
ඇය දෙස බලන වාරයක් වාරයක් පාසා
ඇය පෙනෙන්නේ
යතුරු සිදුරක් තුළිනි

කොයිතරම් ඇස පිසදා බැලුවද
යතුරු සිදුරක් තුළිනි

මට
මගේ බිරිඳ රූපත් බව
"මගේ අසල්වැසියාගේ යතුරු සිදුරින්"
පෙනෙන තුරු
නොපෙණුන හැඩ

මා මගේ බිරිඳගේ රූපත් බව
"මගේ අසල්වැසියාගේ යතුරු සිදුරින්"
දකින තුරු
නොපෙණුන හැඩ.

(-කවිය කම්බස් 2008)

සිත්තම- Robert Wheater

මහේෂ් කුමාර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails