Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කතා කළ හැකි නම්
ගිනි අවියට...
එහි තිබෙනු ඇත්තේ නිහඬ බව පමණි
ලේ සහ පතොරම් තුළින්,
කතා කළ හැකි නම්
ගිනි අවියට....
එහි තිබෙනු ඇත්තේ
භීතියේ නිහඬ බව පමණි

වාරත් රුහිරු
ලෝහිත වදමල්
ගැවසී ගණ දෙවි රුව මත

නෙරා විත්
ගතෙහි සැම තැනකින්
හැම මලක් ම
විවර වූ තුවාලෙකි...

නල්ලූර් කෝවිල් වීදියේ
වැල්ල මත
දිළිසෙන රුවක්
ඇදගෙන යනු ලබයි
මිනිස් රැහැනකින්

දහ්!
දහසක් පොල් බිඳෙයි
මස් සහිත මද තුළින්
කිරි රුහිරු ගලා යයි..
නිරුවත් සිරුරු මතින්
නිරුවත් හිස් මතින්
ඕඝයක් වී වැගිරෙයි...

ගිනි අවිය නිවුණු පසු
නිහඬ බව පමණකිය
පුපුරුලන අග්නි කඳ
ගිනි මුහුද වී නැගෙන..

දැනටමත් අළු පමණි
මේ පොළොව
අංශුවෙන් අංශුවට සිඳින ලද
චිතක දහසක් මතින් දවන ලද

*ජීන් අර්සනායගම් ගේ If the gun speaks පද්‍යයේ පරිවර්තනය

[Apocalypse ’83 | 1984]

ජීන් අර්සනායගම්
පරිවර්තනය - මාලතී කල්පනා ඇම්බ්‍රෝස්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails