Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ජගත් ජේ. එදිරිසිංහ ගේ "පිනි" නවකතාව, 2013 ඔක්තෝබර් 15 දා, පෙ.ව. 10 ට, මරදාන දයාවංශ සහ ජයකොඩි සමාගමේ ප‍්‍රකාශනයක් ලෙස එහි දී දොරට වඩියි.

******

"මේක අමාරු වැඩක් විශ්ව.." හාමුදුරුවෝ කල්වේලා ගෙන කීහ.

එය විශ්ව බලාපොරොත්තු නොවූ ප‍්‍රකාශයක් නොවේ. සියල්ල සුබවාදී ලෙස සිදුවනු ඇතැයි ඔහු කිසිවිටෙක බලාපොරොත්තු වූයේ නැත. යථාර්ථය තුළ දී ප‍්‍රාතිහාර්යයනට ඉඩක් තිබිය නොහැකි ය. අමන්දා සුව නොවනු ඇතැයි සිතේ කොණක තැන්පත්ව තිබූ හැඟීම සිත මතුපිටට පැමිණීමෙන් උපන් වේදනාව ඔහුට දරා ගත නොහැකි තරම් විය. ඇය පිළිබඳ උපන් විසල් අනුකම්පාවෙන් විශ්ව ගේ සිත හඬා වැටුණේ ය. ඔහු හෙලූ සුසුම හාමුදුරුවන්ට ද ඇසුණි.

"තැනිතලාව දිගේ ඇවිදගෙන කන්දක් පාමුළට ආවාම කඳුමුදුන දිහා බලලා හිත අධෛර්ය කරගන්න එපා.. බිම බලාගෙන අඩියෙන් අඩිය නගින්න.. කවදා කොයි වෙලේ හරි මුදුනට එන්න අපට පුලූවන්.. ගමනක් යන්න පටන් ගන්න තැනදිම අධෛර්ය වෙන මිනිහා කවදාවත් ඒ ගමන නිම කරන්නෙ නැහැ.. විශ්ව හිත කලබල කරගන්න එපා... මං කිව්වෙ නැහැනෙ මං වැඬේ බාරගන්නෙ නැතෙයි කියලා.." හාමුදුරුවන් කීවේ එනිසා ය.

"...අපි ප‍්‍රතිකාර පටන්ගමු.. ඒත් දවසින් දෙකෙන් ප‍්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා.. සමහරවිට මාසයක් නැත්නම් දෙකක්වත් ඒ දරුවට මෙහෙ නතරවෙන්න වෙයි.. පල්ලෙහා කාමර කීපයක් තියෙනවා.. කවුරුහරි බවලත් කෙනෙකුටත් තනියට නතර වෙන්න පුලුවන්.." හාමුදුරුවෝ කතාව මොහොතක නවතා විශ්ව දෙස බැලුවේ ය.

"..ඒ ළමයගෙ හිත හයියයි... ඒක අපට වාසියි.. චිත්ත ඒකාග‍්‍රතාව හැම දේටම අවශ්‍යයි.. ඒ එක්කම කරන ප‍්‍රතිකාර පිළිබඳ විශ්වාසය... ඒකත් අවශ්‍යයි."

-පිනි (2013)







මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails