Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සුරන් සැණකෙළි පහන් දිලෙන සඳ අදුර බිඳ
තෙපුල් දෙන තුරු අතර තණ පලස යහන් විය
මිහිමඬළ වූ ළඳුනි, වැළඳ මා අහස ලෙස
පැළදි සළු සමඟ විළි හළෙන් පෙළහරක් විය

රුදුරු ආවේශයෙන් ඔබ සිරුර නුබ නැගෙත
අකුණු සර මුදාහළ ගිල දැමී අගාදය
උපතෙහිදි ලොව අඹල කුරිරු සැඬ ආවේග
අප තුළින් යළි මතුව නිය නැඟී සටන් වැද

දෙහන් කරමින් අහස වියරු විදුලිය කෙටිණි
කැකෑරෙන මේඝයක් පිපිර අණුවට බිඳිණි
තළ දෙගොඩ ම දියෙන් මහා වැසි ඇද හැළිණි
පොළෝ මුව විවර වී සුසුම් සැනසුම් ඇසිණි

සිහිල් ඔසු ලද විලස දැවෙන තුන් සිත නිවිණි
නෙතු පියන් මුකුලිතව මහරු සුවයෙක බැඳිණි
දුරුතු නලවැල් අතර ගතෙහි ඩා බිඳු සිඳිණි
මතුළ වදනක් නැතිව දෙමග පා හඬ ඇසිණි

මැඬුණු තණපත් නැඟී මකාලූ රහසකිය
එහි රැඳුණු පිනි විලස ඇවිත් ගිය මොහොතකිය
ගමන් මඟ යන අතර හමුවුණා පමණකිය
හෙට ඔබට මා විලස මටද ඔබ සිහිනෙකිය

[නොවඳිමි සිදුහත් | 1982]

සිතුවම : IRINA KARKABI

දයාසේන ගුණසිංහ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails