Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ඔබ කියන අයුරු මා
දෙවියන්ගේ ආශිර්වාදයක් නම්
ඇයිද මා ආත්මීයව විඳවන්නේ?
අනුන්ගේ ද්වේෂයට හැම විටම
මුහුණ දෙමි
එසේම දඬුවම් ලබන්නෙමි
මා කළ අපරාධය නොදැනම.
කිමද මා කළ වරද
උපත ලබනට මෙලොව?
බැගෑපත් ලෙස කියමි,
මගේ වරදක් නිසා නොවෙයි මා
ඉපැදුණේ දැරියක් ව
නොවී පුත්‍ර රත්නයක්.
දැරියක් ව ඉපදීම, මේ මා විලස
මගේ මහ පවක් යැයි, සිතයි ඔබ.
ඔවුහු මා වද හිංසාවට පත් කරති
අවමනට, ගැරහුමට ලක් කරති
එහෙත් මට ඉන් මිදෙනු ඇවැසිමයි, ඉක්මණින්.
දෙතොල් මා අගුළු ලා . . .
පැතුම් මා වියලවා . . . .
අනෙක අවසර නැතිය මට
ලියන්නට, කියවන්න.
ආත්මයක් ඇත මෙහිද
හදවතක් ඇත මෙහිද
මේ වෙහෙසකාරී ප්‍රාණියාටද
අවශ්‍යය, ජීවත් වීමට
අවශ්‍යය, වැඩෙන්නට පරිපූර්ණව
එහෙත් (අ )වාසනාව!
ඔවුන් ඒ කිසිවක්ම සිදුවන්න ඉඩ නොදෙයි
අවස්ථාවක් ලද විගස
හළන්නට තැත් කරන බරකි, මා
පැතුම් මා සිත පතුල කැටි කෙරුණ
දැනගන්න
ලේ ගලන ම'හදවත
දැකගන්න
කිසිවෙකුට ඇවැසි නැත

ඔවුන් මා පවරාය යලිත් හිමිකරුවෙකුට
යලි යලිත් මේ එකම කතාවම කියවේවි
වෙනස් වනතුරුම උන් ආකල්ප
හැම ගැහැණු දරුවෙකුගේ මුවින් . . .

[උර්දු බසින් ලියැවුණකි]

අෆ්සල් චෝහන්
පරිවර්තනය - පුෂ්පා රම්ලනී



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails