Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



කිණිති මල් පවා හලන
හදවත් ගල් කරන
ඝණ සීත කාලයට පෙර
කුරුල්ලෝ පවා පිටව යති
වෙනත් ඉසව් සොයාන

ඒත්
කාලය ද තාලය ද
කෙතරම් රුදුරු වූවද
පිටුවල් කුරුල්ලෝ
කෙහේ යන්නද
නන්නාඳුනන බිමක
අහසත් අගුලු දමා ඇති විටෙක

මේ දැන්
​මේ මොහොත
මව්බිම අයිති උන්ට
අහස්කුස අයිති උන්ට
ඒත් එක දවසක
සත්තයි එනවා වසන්තය

වසන්තයේ බලාපොරොත්තුව
කුරුලු හිතවල ඇතිව
සීත කාලයට ගුලිව
කොහේ හෝ අගිස්සක
ජීවිතය දරාගෙන
දේශයෙන් හමන සුළං මූණතට
මුහුණ තියාගෙන
උන් ඉන්නවා දවස එනතුරු
අලුත් අහස​ට ගොඩ වෙන්න

භීම



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails