Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සීතල හැඟුම් හිත පුරවයි
ආලය තරම් ඇයි නොහැඟෙයි
හීනය අරන් පසුපස එයි
සාරය උරන් ගෙල මිරිකයි

බිය සැක නැතිව ගඟත් ගලයි
කලතා දියත් කඳුළක් ඉහෙයි
දියරළ නඟන සුසුමන් බිඳෙයි
හුස්මක් නැතත් හුස්මක් ඇදෙයි

අතහැර නොයන මිතුරෙක් වගෙයි
ඒ නුඹ මිසක් වෙනකෙක් නොවෙයි
පමාවට ඉඩක් නැති හිත රිදෙයි
දෝතින් දරා තුරුලට ගනියි

වසන්තය වුණත් මේ, හේමන්තයයි
රන්පාට තුරුපත් බිය වී හඬයි
ශිශිරයයි, තිත්ත කළුවර එබෙයි
හිමකැට වුණත් ගල්පර වගෙයි

සදාකාලික ප්‍රේමයක් නුඹගෙන් තරම්
ලැබේවිද කිසිවකුට මඟහැර ගියත්
''පෙර ලා'' කිසිදිනෙක ප්‍රේමයක් නොලත්
මරණයට දිය හැකිද වෙන යම් නමක්?

තුෂාරි ප්‍රියංගිකා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails