Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



[පුවතක්-] ප්‍රාසාංගික කලාකරු ප්යෝතර් පව්ලෙන්ස්කි රුසියානු සමාජයේ වන දේශපාලනික උදාසීනත්වයට හා දෛවවාදී ස්වභාවයට එරෙහිව විරෝධය පළ කරමින් මොස්කව්හි රතු චතුරශ්‍රයේදී සිය වෘෂණ කෝෂවලට ඇණ ගසා ගත්තේය. [කියවන්න.]

ගිනියම් උණු-ගිනි පුපුරු
අළුයට දැවෙත්දී
ලෙනින් දුටු රුසියාව
තුවක්කුවේ රෙජීමයේ
පාලනයට යටත්ව
දිනෙන් දින පල්ලම් බසිත්දී...,

ඇට දෙකක් ඇති කලාකරුවෙක්
පාරට බැස්සේ රෙජිමයේ ඇට
ලොවනවාට වඩා- අයිතීන් දිනා ගැනීම
උතුම් යැයි සිතන්නට ඇති නිසායි...,

රෙජිමයේ ඇට රස උනත්
ලොවන්නට ඇති අකමැත්ත
කට මසා පෙන්නුවේ
සැබෑ කලාකරුවෙක් යනු කවුදෑයි
ලොවට පැවසිමටයි...,

රටක නීතියත්- බලයත්
දෙකක් නොවී එකක් වන තැනදී
සැබෑ පැවැත්ම පෙන්නුවේ
සතර අත ඇනෙන කටු කම්බි වළල්ලයි...

අවසනදී රතු බලකොටුව
නිසොල්මන් වෙලාවක
ඇට ගසා පොලොව මත පෙන්නුවේ
අයිතියක් යනු අයිතියක් මිස
නීතියක් නොවන බවයි....!









දසුන් මධුසංඛ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails