Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



දුන්හිඳට යන පාරෙ, පුංචි වංගුව ලඟින් - හැරිල, බැහැගෙන ඇවිත් කන්දෙං
බොර පාට මඩ වතුර පතුළ හෝදන් යද්දි, ගොඩවෙලා කුඹුකෙ ඒ දණ්ඩෙං
හෙමි හෙමිං පොද වැටුණු හැන්දෑවෙ මං එද්දි ගිණි තියපු ඉලුක් ගස් මැද්දෙං
බදුලු ඔය හැප්පුනා පහළ ගල් පොතු අස්සෙ වෙනදටත් වඩා වැඩි සද්දෙං

මීදුමයි, වැහිබිඳුයි, වලාකුළු පේළියයි, දුර ඉඳල බලනකොට එක වගේ
අළු අහස ගොරවද්දි තිලක අක්කගෙ දෝණි කං වහං හැංගෙනව ඇති බයේ
හුළඟ එනකොට නැවෙන පුංචි තණකොළ උඩත් බිම වැටෙන්නැතුව වැහි බිඳු තියේ
අලුත ආ ප්‍රතිඵලේ බලාගෙන එන්නමයි පොඩි අයිය පහළ ටවුමට ගියේ

සිංහලට හොඳම සම්මානයක්, ඒ වුනත්, ගිය සැරේ ඒ ලකුණු මදි වුණා
ආයෙමත් නොලියන්න හිත හදා ගෙන එද්දි අප්පච්චි ඊට ඉස්සර වුණා
අල ගෝනි කරතියං උඩට පහලට ගිහිං, පන්තිවල සල්ලි මිට මෙලවුනා
පොලිටිකල් ප්‍රශ්න ටික අමාරුම නැති වුනත් කලබලේ ලියනකොට පැටළුනා

දෙසැම්බර් ආ ලකුණු වැරදිලා තිබුණු බව කියවුනේ පහුවෙනිද දවසෙමයි
ඒ තුනේ ඒ සතුට ඉතිරිලා විසිරුණා.., ඒ වුනත් එකම දවසෙන් නිමයි
ඒ වැරදි යට ගැහුව අමතිගොල්ලොත් එක්ක උසාවියෙ නඩු කිව්වෙ පොඩි ළමයි
කොහොමහරි ආයෙමත් ප්‍රතිඵලේ එන නිසා එදා වාගෙම අදත් හිත බමයි

දුන්හිඳට යන පාරෙ ඉටි කොලේ ගැට ගහල බේරෙන්න රෑ වැටෙන වැස්සෙං
පාන්දර ඉඳල බඩ ඉරිඟු තම්බන්න ගත් මුට්ටි දෙක නවල ලී මැස්සෙං
හෙමි හෙමිං පොද වැටුණු හැන්දෑවෙ මං එද්දි ගිනිතියපු ඉලුක් ගස් මැද්දෙං
බදුලු ඔය හැප්පුනා පහළ ගල් පොතු අස්සෙ වෙනදටත් වඩා වැඩි සද්දෙං

[සිතුවම : Françoise Nielly]

භාතිෂ අකලංක සිල්වා



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails