Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෝය දා ගමේ හැමටම
නිවන් මග මෙත් සිතින් හෙලිකල
පින් බෙදූ දන් සැල
සාදු.. සාදු..! ගමේ පන්සල

හැඳිවත ඉරී තැන තැන
දූවිලි පිරී කළු වුන
උවනත පලුදු ඉහිරුණ
බුදු හිමි දෙසිය වස් ඉක්මුණ

අත පය බිඳී අබලන්
දෙපස -සැරියුත් මුගලන්
බුදුන්ටත් සංසාර දුක මතක් කර දෙවා
අත් විඳිනවා පෙරදි කළ කම්

කල්පයක් පෙරුම් දම් විඳ
පරමල් දුඟඳ විඳ විඳ
ගිලී බුදු ගේ මැද
අහෝ..! නිරයට වැටුනු බුදු බඳ

සෝපානෙ නිල් මැණිකට
වෛරෝඩි සුව අසුනට
ලී පුටු පසිංගලයට
අසුන් පෙළ තබවා මනාවට

අගේවට කළ සැලසුම්
සියල් යසි'සුරු සැලකුම්
ලබමින් තෙවන මිණ වැඩහුන්
ආවාස මන්දිරේ අහා..! මනරම්

ජයන්ත නිමල් සිරි



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails