Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



මාරුවෙන් මාරුවට හෙල්ලෙන්නෙ මාරු කාසි ය
පාළුවෙන් පාළුවට හොල්ලන්නෙ නොතිත් හීන ය
වාරයෙන් වාරයට හමුවන්නෙ නුඹේ සුදු මුහුණ ය
මා ළයේ දාරයට ජීවිතය ලැබුණෙ එහෙම ය

කිසිකලෙක නෑසුවද හද පොඩිවෙන්ට කාරණය
රිසි පරිදි හිනැහෙන්ට ඊට නැත කිසි වාරණය
විසිවෙද්දි අහකටම කවියකින් කළ ධාවනය
වැසි වසින විට ඇසේ නුඹට මගෙ දුක් ගායනය

පිළිවෙළක අපිළිවෙළ සපිළිවෙළ කරගතිමි
පිළිතුරක ප්‍රශ්නයෙන් ප්‍රශ්නගත වී හිඳිමි
කිටි කිටියෙ සිපගන්න හුස්මකට ඉඩ හරිමි
හුදෙකලා වූ සඳක කඳු තිබේදැයි බලමි

රුවිතෙටම හිරු නැගෙන යටත් විජිතෙකි කඳුළ
හාරතට හාදවයි කරකවන්නේ උදුල
අවසාන තුරුම්පුව හොරු අරන් ගිය අතර
'කලාබර බූරුවා' මක් කරන්නද සොඳුර

සියුමැලිව ගලා යන කිසිත් නොමැතිය ඇහේ
හෙට වුණත් අද වගේ ගොළු වේවි ඇස් ඔහේ
වෙලාවක හිතෙනවා නුඹට තරු කෝ මෙහේ
මේ අඳුරෙ සිතුවිල්ල එහෙ මෙහේ ගොස් ගැහේ !

කසුන් මහේන්ද්‍ර හීනටිගල



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails