Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



සොහොන් බිම අද්දර
ගණ නීල අහස් ගැබ
හැමදාම හවසට
අඳුරු වෙන මාසයයි

රන් සිහිනයක් ඉපිද
තිඹිරිගෙය දොරකඩ
හැඬුමක් හඬා මියගිය
මල් හැලුණ මාසයයි

තනිවුන කුරුල්ලෙක්
අතුපතර හුදකලා වී
ගමන් සගයෙක් නැතිව
සුසුමක් හෙලනා මාසයයි

ලඳු දෙණි කැලෑවල
ගුණ සුවඳ මල් සොය සොය
සමනලුන් ඇවිත් ඉකිබිඳ
ළය දැදුරුවන මාසයයි

ඉර මියෙන සැඳෑවට
මල් පැල පහන දල්වා
පැටවුන් හෙට එතැයි
අම්මා මග බලන මාසයයි

ගම් නියම්ගම් පසුකර
ගලා බසිනා දියවැල
හඳුනනා කටහඬට පුදුම ව
හිම ව මිදෙනා මාසයයි

බොරැල්ල සුසානය පසුකරන
පයින් යන එන අයෙක්
ක්‍රෙමටෝරියම දෙස බලමින්
කඳුලක් පිසින මාසයයි
එක පතේ දුක් වැළඳි
කල්ගිය කිලුටු රෙදි හැඳි
උන් ඇවිත් පහන් දල්වන
ආඩම්බරකාර මාසයයි

අව්කණ්නාඩි හැඳ පැළඳ
සුකොමළ රියේ පසුපස
"ස්මාර්ට්" දුරකතන හඬවන
දැන් සහෝදරයන්ගේ මාසයයි

කපිල එම්. ගමගේ



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails