Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



පෞද්ගලික විද්දියාල වලට දුවමුද
වැඩි පඩි ඉල්ලා වර්ජන රැසක් කරමුද?
නෙළුම් පොකුණෙ වැඩි ගානට නැටුම් බලමුද?
හවස ඇවිත් පාන් කාලා කහට ගහමුද?

වතුර බිබී වකුගඩු ටික දියකරගමුද?
වතුර දෙන්න කිය කිය වෙඩි ඉල්ලන් කමුද?
බහු ජාතික කෘමි නාශක තවත් ගේමුද?
කොමිස් වලින් කොටසක් අපි පූජා කරමුද?

මත්තල වෙත උඩින් ගිහින් ලෑන්ඩ් කරමුද?
වත්තල හයි වේ එක ලග පාක් කරමුද?
පිත්තල රන් තඹ තබක්කා විකුණන් කමුද?
පත්තර කන්තෝරු එයින් මිලදී ගමුද?

කැසිනෝ රජවරු ඔක්කොම මෙහෙට ගේමුද?
බදුත් නොගෙන ජොලි කරන්න එන්න කියමුද?
ඩීල් දදා බකාරා බැලැක් ජැකුත් ගහමුද?
මෙහේ උන්ට බදු ගහ ගහා එය පියවමුද?

දාන ධර්ම දන්සැල් දී ජන්ද දිනමුද?
එහෙට මෙහෙට පනින එවුන් පන්න ගනිමුද?
ජාතිය ආගම කුල මල ටික කොටවමුද?
පජාත වී ඉන්න එවුන් පෙරට ගනිමුද?

හදන හදන හැම එකෙන්ම කොමිස් ගහමුද?
කොමිස් අරන් සුවිස් බැංකු වලට දාමුද?
පැරිස් තායි ලන්ඩන් වල් ටුවර් දුවමුද?
ඒ සල්ලිත් ජාතික ධනයෙන්ම ගනිමුද?

කැබිනට් එක අපි නහුතෙට වැඩි කරගමුද?
තුනෙන් දෙකේ බලය ගන්න පඩුරු පුදමුද?
ඒ බලයෙන් ගැහිලි බැහිලි යට ගහගමුද?
ආසියාවේ ආශ්චර්යෙ එයයි කියමුද?

අහස උසට මංමාවත්, වරායවල්, ගුවන් තොටුපලවල්, රඟහලවල් බිල්ඩ්වෙවී සුපිරි කැසිනෝ කෙලි ආතල් කැබරේ සැනකෙලි, නයිට් ක්ලබ්, රෙඩ් බුල් රස මැද්දෙ ෆෙරාරි, ඇස්ටර්න් මාටින්වලින් හයිවේ එකේ ඉගිලෙමින් ලල් එක ගන්න අපේ රටේ උත්තරීතර පරපුර, බඩු මිල වැඩි නිසා පිකට් කරන, ජොබ් නැතිව බෝක්කුව උඩ රොකට් ගහන, සල්ලි නැතුව පොකට් ගහන, ලයිට් බිලයි, වතුර බිලයි, මොබයිල් එකේ රී ලෝඩ් එකටයි යාන්තම් ගතමන්ට් එක හොයාගෙන බදුත් ගෙවාගෙන ඉන්න අපේ නගරෙ කබ්බො ටිකයි.... අපේ ගමේ බයියො ටිකයි.... උත්තරීතර ඔයාලගෙ ආතල් කඩන්න කරන වැඩ ගැන උදහස් නොවන සේක්වා! ඔයාලා කරන වැඩ නිසා අපේ 'ගම' දැන් හරි 'චෝයි'... ඇත්තමයි... ඇත්තමයි කැසිනෝ, කුඩු, ගංජා, පාතාලය, මසාජ්, ගණිකාවෝ, ඒවත් ගමට ගේනකල් අපේ යං කට්ටිය බලාගෙන ඉන්නේ... අනේ ඉක්මනටම අපිටත් ලල් එකක් දෙන්න.... ඔයාලා ගන්න ආතල් එකක් අපිටත් දෙන්න... චෝයි ගම ගැන 'චෝගම් කවි' ලිව්වේ ඒ නිසයි.

තිළිණ අලහකෝන්



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails