Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



තුටින් සරන සොබමන් සරසවි ගුවන
මිටින් හළ විහඟ තෙම තොස පිරි රැවින
නිතින් ගයන පෙම් ගී පිනවන සවන
විමන් අතර මැවුණයි නව රජ දහන

සෙනෙහෙන් සනසමින් උන් උන් විඩාපත්
තුඩඟින් අහර කවමින් රැක බලා ගත්
වෙසෙසින් රැසිරු යුත් කිරිලිය පියාපත්
සලමින් ගැයුවාය ලොව කර ප්‍රභාමත්

බිඳ බිඳ විහඟ හදවත ඇය වෙත ඇදුණී
විඳ විඳ ගැහැට ඈටම කවි පද බැඳුණී
හද බිඳ දමා වෙනතක ඉගිලුණි සකුණී
ලද සිත් තැවුල් බරටම පියපත් බිඳුණී

වදුලු අතර පෙර දිනයක ගිය ඇවිද
කඳුළු ලකුණු මල් කොපුලත රැඳුණු සඳ
තුරුළු කරන් ලේ වැගිරෙන සුරත් හද
කුරුලු හිතට කවදා පායයි ද හඳ

ධරණී උපේකා වීරසේකර



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails