Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



ක්‍රීඩකයෝ ගායකයො වෙලා
ගායකයො ආණ්ඩුකාරයො වෙලා
ආණ්ඩුකාරයො ගහ කොළ කපල විකුණලා
හින්ද අලි අනාථ වෙලා
ශිෂ්‍යත්ව ළමයිනුත් අනාථ වෙලා
ගුරුවරු දණින් හිටුවලා
ගුරුවරු ව්‍යාපාරිකයො වෙලා
දොස්තරලා ව්‍යාපාරිකයො වෙලා
විශේෂඥ දොස්තරලා දෙවිවරු වෙලා
දෙමව්පියො ළමයි විභාග පාස් කරල දෙන්න කියල
දෙන අල්ලස් රැස් කරලා
දෙවිවරුන්ගේ භාණ්ඩාගාර පිරිල ඉතිරිල
දෙමව්පියො ළමයි වෙලා
ළමයි දෙමව්පියො වෙලා
උන් නාහෙට අහන්නේ නැති චණ්ඩි වෙලා
චණ්ඩි හාමුදුරුවරු වෙලා
හාමුදුරුවරු පොලිස්කාරයො වෙලා
පොලිස්කාරයො හොරු වෙලා
හොරු දෙශපාලනඥයො වෙලා
දෙශපාලනඥයො මළවුන් වෙලා
මළවුන් හොල්මන් වෙලා
හොල්මන් නිළියො වෙලා
නිළියො ගණිකාවන් වෙලා
ගණිකාවන් නිවේදිකාවන් වෙලා
නිවේදිකාවන් කලාකාරයො වෙලා
කලාකාරයෝ සුපිරිතරු විනිශ්චයකාරයො වෙලා
විනිශ්චයකාරයො හිරකරුවො වෙලා
සුපිරි තරු රණවිරුවො වෙලා
රණවිරුවො මාධ්‍ය ප්‍රකාශකයො වෙලා
මාධ්‍ය ප්‍රකාශකයො අතුරුදන් වෙලා
උන් සොයන උනුත් අතුරුදන් වෙලා
අතුරුදන් වූවන් රට පැනල
රට පැනපු උන් දේශ ද්‍රෝහීන් වෙලා
දේශ ද්‍රෝහීන් දේශ ප්‍රේමීන් වෙලා
(ප්‍රභාකරන් ජීවතුන් අතර හිටිය නම්
ඌත් මෙලහට
දේශ ප්‍රේමින් ගොඩට එකතු වෙලා...!)

දේශප්‍රේමීන් රජය වෙලා
රජය පවුල් සංස්ථාව වෙලා
පවුල් සංස්ථාව රූපවාහිනිය ඉස්සරහට වෙලා
හින්ද බත රොස් වෙලා
හැමෝටම තමන්ගෙ නිසි චරිතෙ අමතක වෙලා
තමාට අයිති නැති චරිත රඟපානව පණ්ඩිත වෙලා
අධ්‍යක්ෂක මරා දාලා
නරඹන්නා අන්ද මන්ද වෙලා
මේ සමාජ රඟ මඬල
මේ නාටකය එකම එක විගඩමක් වෙලා

හර්ෂ අරවින්ද



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails