Colombo Time

BOONDI " L i v e "

Google Groups
Subscribe to BOONDI " L i v e " | බූන්දි සජීවී සංවාද
Email:
Visit this group

බූන්දියට එන පාර

වයර් දිගේ- boondionline@gmail.com | ගොළුඛෙලි තැපෑලෙන්- බූන්දියේ අපි, 190/3/A, කැන්දලියැද්දපාළුව, රාගම.

Followers



බසයක් ප්‍රපාතයකට පෙරළී යෑමෙන් රියදුරු ඇතුළු 8 ක් මරුට. 29 කට තුවාල - පුවතක්

" ඒ වෙලාවෙ පාරට මීදුම බාලා තිබ්බෙත් නෑ. මං හිටියෙ බස් එකේ ඉස්සරහම හරියට වෙන්න .පාරෙ අනිත් පැත්තෙන් වාහන ආවෙත් නෑ. ඒත් ඩ්‍රැයිවර් නිකං එකපාරටම බස් එක හෙලට කැපුවා."- (අනතුරෙන් දිවි බේරාගත් මගියෙක්)

පනස් තුන ඉරක් දාහතයි, පහළොව එළවන
නන්දසේනගෙ ගැහෙන වමතින්
වැටුණි දවසේ පළමු ගියරය
ගොර, ගොර හඬත් දීගෙන
ඩිපෝවෙන් එළියට ආ බස් එක
ඇරඹුවා කඳු ශිඛර තරණය

දකුණු පස කණ්නාඩි පලුවෙන්
පාර විමසූ වරක් ගානේ
පෙරෙයිදා තුන් මාසෙ දන දුන්
බිරිඳ පමණයි ඔහුට පෙනුණේ

"තාත්තාගේ බස් එක"
කඩදාසියක ඇඳ, ඇඳ
ඉදිරිපස කණ්නාඩි පතුලෙන්
පුංචි පුතුමයි නිතර එබුණේ

නලා හඬ රැව් දී නැගෙද්දිත්
වරින් වර බෙල් එක වදිද්දිත්
ඒ කිසිත් නොව නන්දසේනට
බිරිඳගේ හඬ පමණි ඇසුණේ

"ඉස්සරහ වංගුවක කන්දේ
පස් කඩන් වැටිලාලු නන්දේ
ළඟට ආවම මං කියන්නම්
ඔයා එළවන් යන්න නන්දේ

රෑට මොනවද කෑවෙ නන්දේ
පුතා මොනවද ඊයෙ ඇන්දේ
කොණ්ඩෙ තනියෙන් ගොතා ගන්නට
දූට දැන් පුළුවන්ද නන්දේ

කඳුළු පිරි කඳු වළලු මැද්දේ
අර පෙනෙන බෑවුමේ ලන්දේ
සිනාසෙන්නට තවම පුළුවන්
එක තැනක් තියෙනවා නන්දේ

ඇහෙනවද ඒ සිනා සද්දේ............! "

[සිතුවම :Guy Denning]

රුවන් බන්දුජීව



මේ බූන්දිය ඔබේ මූණු පොතට එක් කරන්න | Share this Boondi on Facebook
Related Posts with Thumbnails